Impartial news reporting for a stronger democratic society
යුක්තිය ඉටුවිය යුතුයි !

බංග්ලා­දේ­ශයේ මැති­ව­ර­ණය ප්‍රචා­රක රැලි­යක් අත­ර­තුර නාඳු­නන තුව­ක්කු­ක­රු­වකු කළ වෙඩි තැබීමකින් එරට ශිෂ්‍ය අර­ග­ලයේ නාය­ක­යකු ලෙස සැල­කෙන 32 හැවි­රිදි ෂරිෆ් ඔස්මාන් හාදිගේ ඝාත­නය වීමත් සමඟ දහස් සංඛ්‍යාත තරුණ තරු­ණි­යන් විදි බැස උද්ඝෝ­ෂ­ණ­වල  නිරත  වන බව විදෙස් මාධ්‍ය සඳහා් කරයි.

පසු­ගි­යදා ඩකා අග­නු­වර බිජෝ­යි­න­ගර් ප්‍රදේ­ශයේ පැවති මැති­ව­රණ ප්‍රචා­රක රැස්වී­මක් අත­ර­තුර මුහුණු ආව­රණ පැල­ඳ­ගත් තුව­ක්කු­ක­රු­වකු ශිෂ්‍ය නායක හාදිට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කළ බවත්, වැඩි­දුර ප්‍රති­කාර සඳහා සිංග්ප්පූ­රුවේ රෝහ­ල­කට ඇතු­ළත් කිරී­මෙන් පසු ඔහු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව බංග්ලා­දේශ මාධ්‍ය සඳහාන් කරයි.

හාදිගේ ඝාත­න­යෙන් කුපිත වූ එරට දහස් සංඛ්‍යාත තරුණ තරු­ණි­යන් අන්ත­ර්වාර රජයේ ප්‍රධානී මොහො­මඩ් යූනුස්ගේ කාර්යා­ලය වටලා උද්ඝෝ­ෂ­ණ­යක නිරත වී ඇති අතර, ඩේලි ස්ටාර් සහ ප්‍රෝතොම් අලෝ මාධ්‍ය ආය­තන ගොඩ­නැ­ඟි­ල්ලට ද ගිනි තබා ඇතැයි වාර්තා වේ.

විරෝ­ධ­තා­ක­රු­වන් පාල­නය කිරීම සඳහා පොලී­සි­යට අම­ත­රව කැරලි මර්දන කණ්ඩා­යම් ද කැඳ ඇති බවත්, මාධ්‍ය ආය­තන ගොඩ­නැ­ඟිලිවල සිර වී සිටි මාධ්‍ය­වේ­දීන් 30දෙනකු එරට ආර­ක්ෂක අංශ මුදා­ගනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඔස්මාන් හාදිගේ ඝාත­න­යෙන් පසු ජාතිය ඇමතු එරට අන්ත­ර්වාර රජයේ ප්‍රධානී, ඊට වග­කිව යුතු පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පරී­ක්ෂණ ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කර ඇත. පසු­ගිය සෙන­සු­රාදා එරට ජාතික ශෝක දින­යක් ලෙස නම් කර තිබූ බව ද බංග්ලා­දේශ මාධ්‍ය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි.

තරුණ කණ්ඩා­යම් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා අත­ර­තුර චිතගොං නග­රයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ­කො­ම­සා­රි­ස්ව­ර­යාගේ නිල නි‍වෙ­සට ද ගල්මුල් ප්‍රහා­ර­යක් එල්ල වී ඇති අතර, උද්ගත වූ තත්ත්වය සැල­කි­ල්ලට ගෙන දෙරට අතර විසා බල­පත් මෙහෙ­යුම් අත්හි­ටු­වී­මට එරට ඉන්දීය වීසා අයැ­දු­ම්පත් කාර්යා­ලය පිය­වර ගෙන තිබේ. එරට නැවත ශිෂ්‍ය විරෝ­ධතා උද්ගත වීම සම්බ­න්ධව රට­වල් රැසක් දැඩි අව­ධා­න­යෙන් පසු­වන බව ද සදහාන් වේ

Reported by – Cyber World Press – Dhaka

Follow by Email
LinkedIn
Share
WhatsApp