Impartial news reporting for a stronger democratic society
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් වෙයි

 ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 15 කට පමණ පසු ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට  සැලසුම් කැර ඇත.

ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 15කට පමණ පසු , න්‍යෂ්ටික බලශක්තියට නැවත පැමිණීම සන්ධිස්ථානයක් වන බව නීගාටා කලාපය  පසුගිය සඳුදා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ඡන්දය දීමත් සමඟ, ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය ජපානය තුළ ආරම්භ කිරීමට අවසන් පියවර ගත්තේය.

2011 භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් ෆුකුෂිමා ඩයිචි බලාගාරය අඩපණ වීමෙන් පසු වසා දැමූ ප්‍රතික්‍රියාකාරක 54 අතරට ටෝකියෝවේ සිට කිලෝමීටර් 220 ක් (සැතපුම් 136) පමණ දුරින් පිහිටි කෂිවසාකි-කරිවා ඇතුළත් විය. චර්නොබිල්ට පසු ඇති වූ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය මෙය  බව සඳහාන්ය.

න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත කිරීම සඳහා අනුමැතිය ලැබුණහොත්, ලබන මස 20 වැනි දින බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතෙන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සැලසුම් කැර ඇති බව ජපානයේ කෝයෝදෝ  පුවත් සේවය සදහන් කරයි.

Reported –Chandana Wijekoon

Follow by Email
LinkedIn
Share
WhatsApp