Impartial news reporting for a stronger democratic society
ළමුන් 300ක් රැගත් ඉරාන නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇවිත්

ඉරාන නෞකාවක් මේවනවිට පානදුර මුහුදු සිමාවේ අතරමංව ඇතිබව  අනාවරණය වෙයි.

එම ඉරාන නෞකාවේ ළමුන් 300කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුනට ආහාර හා පානීය ජලය ලබා ගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ළඟා වීමට අවසර දෙන ලෙස කොළඹ ඉරාන තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කැර ඇති අතර, මෙතෙක් ඊට අනුමැතිය නොලැබුණ බව සඳහාන්ය.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ පිළිබඳව ඔහුව දැනුවත් කැර ඇත.
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ඊයේ (04) ‘අනතුරට’ ලක්වූ අතර එක්සත් ජනපද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඊයේ ප්‍රකාශ  කෙළේ ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp