Impartial news reporting for a stronger democratic society
හෝමූස් හරහා යන නැවකින් ඉරානය අමෙරිකානු ඩොලර් මිලියන 2ක බද්දක් ගනී – ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලෙඩින් බෝරුජර්ඩි

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන ඇතැම් නෞකාවලින් ඉරානය  අමෙරිකානු ඩොලර් මිලියන 02 ක ගාස්තුවක් අය කරන බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලෙඩින් බෝරුජර්ඩි (Alaeddin Boroujerdi) ප්‍රකාශ කරයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු සඳහන් කැර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සඳහා මේ වන විට “නව පාලන තන්ත්‍රයක්” (New goveing regime) හඳුන්වා දී ඇති බවයි.
“යුද්ධයට පිරිවැයක් පවතින බව” අවධාරණය කළ මන්ත්‍රීවරයා, මෙම පියවර හරහා ඉරාන ඉස්ලාමීය ජනරජය සතු බලය සහ අයිතිය ලොවටම ප්‍රදර්ශනය වන බව ද පවසා ඇත.
පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන අතර, ඊශ්‍රායලය හෝ  අමෙරිකාව සමඟ සබඳතා නොමැති බව තහවුරු කෙරෙන නෞකාවලට පමණක් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බව සඳහාන් වේ.

බොරතෙල් බැරලයක මිල අමෙරිකා ඩොලර් 150 ඉක්මවා යනබවට අනාවැකී
මේ  අතර මැදපෙරදිග හෙවත් බටහිර කලාපයේ ඇති වී තිබෙන යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් බොරතෙල් බැරලයක මිල අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 150 ඉක්මවා යනු ඇතැයි අනාවැකී පළ වී තිබේ.
මෙම යුද්ධය හේතුවෙන් මේ වනවිට ලොවපුරා බලශක්ති මිල ගණන් වැඩි වී තිබෙන අතර බොරතෙල් බැරලයක සාමාන්‍ය අගය අමෙරිකා එක්සත් ජනපද 100ත් 110ත් අතර අගයකට පත්ව ඇත.

මෙම යුද්ධය තවත් දින 10ක් පැවැතියහොත් බොරතෙල් බැරලයක මිල අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 150ක් වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපායමාර්ගික නිලධාරියකු වන මහ්දි අරබ්සාදේහ් පැවැසීය. හෙතෙම ඉරානයේ ඉංජිනේරු සහ තාක්ෂණික ආයතනයේ යෙෂ්ඨ බලශක්ති උපායමාර්ගික නිලධාරියකු වශයෙන් කටයුතු කරයි.

ඉරානයේ මේ වනවිට සිය සතුරු පාර්ශ්වවල නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙන අතර මේ හේතුවෙන් ඒ හරහා දිනකට ගමන් කරන තෙල් බැරල ප්‍රමාණය අඩු වී තිබේ. යුද්ධය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ගත වූ කාලයේ දී දෛනිකව ඒ හරහා ගමන් කරන ප්‍රමාණයෙන් මිලියන 21ක තෙල් බැරල ප්‍රමාණයක් දෛනිකව අඩු වී තිබේ. මේ හේතුවෙන් ගෝලීය සැපයුම්වලට විශාල බලපෑමක් එල්ල වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පෙර තෙල් බැරලයක මිල ඩොලර් 65ක් වූ බවත් මේ වනවිට එය 119ක් දක්වා වැඩි වී ඇති බවත් මහ්දි අරබ්සාදේහ්  පැවසීය.
මුලාශ්‍රය :

Strait of Hormuz: Iranian MP Says $2M Charge for Passing Ships

Iran turns Hormuz blockade into $2m toll road

(Source- The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp