Impartial news reporting for a stronger democratic society
හෝමුස් හරහා ගමන් ගන්නා නැව්වලින් ගාස්තු අය කරන යෝජනාවට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් ගන්නා නැව්වලින් ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තුවේ  අනුමැතිය ලබා දී තිබේ.

විදෙස් මාධ්‍ය  සඳහාන්  කෙළේ ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙක් මෙම සැලසුම අනුමත කළ බව තහවුරු කැර ඇති බවයි.

එමෙන්ම අමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කැර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඉරානයට එරෙහි සම්බාධක සඳහා දායක වූ අනෙකුත් රටවලටද මෙම තහනම බලපැවැත්වෙනු ඇති බව බවයි.

ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ සාමාන්‍යයෙන් ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම වැදගත් නාවික මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරනු ලබයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ  අමෙරිකාව ඒකාබද්ධව සිදු කළ ප්‍රහාර සමඟ ආරම්භ වූ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙම මාර්ගය හරහා සිදුවන ගමනාගමනය 95%කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp