Impartial news reporting for a stronger democratic society
හෝමුස් විවෘත  නොකළොත් බලාගෙනයි ! ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඉරානය ප්‍රති­ක්ෂේප කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්ම­නින් විවෘත වන බවත්, එසේ නොමැ­ති­නම් ඉරා­න­යට දැඩි ප්‍රහාර එල්ල කරන බව­ටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර  ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

 අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මේ අන­තුරු ඇඟ­වීම සිදු කැර ඇත්තේ ඉරා­නය සමඟ එක­ඟ­තා­වක් ඇති­වනු ඇතැයි බලා­පො­රොත්තු ඉහළ යෑමෙන් ලෝක වෙළෙ­ඳ ­පොළේ බොර­තෙල් මිල ද පහළ වැටෙ­මින් පව­තින අත­ර­තු­ර­දීය. හෝමූස් මුහුදු තීරයේ නෞකා ගම­නා­ග­ම­නය නැවත ආරම්භ කිරි­මට හැකි­වන ආකා­ර­යෙන් ඉරා­නය සමඟ සාර්ථක ලෙස සාකච්ඡා පැවැති බව අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ භාණ්ඩා­ගාර ලේකම් ස්කොට් බෙසන්ට් දෙදෙ­නාම ප්‍රකාශ කැර ඇති අතර, එම ප්‍රකා­ශය ඉරාන රජය ප්‍රති­ක්ෂේප කැර තිබේ.

කැලි­ෆෝ­නි­යාවේ සංචා­ර­යක් අත­ර­තුර ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තා­ක­රු­වන්ට ප්‍රකාශ කැර ඇත්තේ මේ වන විට ඉරා­නය සමඟ සාකච්ඡා ඉතා යහ­පත් ආකා­ර­යෙන් සිදු­වන බවයි. මාස කිහි­ප­යක් පුරා පව­තින ගැටුම් අව­සන් කිරීම සඳහා ඉරා­න­යට දැඩි අව­ශ්‍ය­තා­වක් පව­තින බව ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

අමෙ­රි­කාවේ මධ්‍යම හමුදා අණ­දෙන මධ්‍ය­ස්ථා­නය ද ට්‍රම්ප්ගේ ප්‍රකා­ශය තහ­වුරු කර ඇති අතර, මේ වන විටත් හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු පසින් පිහිටි ජාත්‍ය­න්තර මුහුදු මාර්ගය සියලු නෞකා­ව­ලට විවෘ­තව පව­තින බව සඳ­හන් කැර තිබේ. එහෙත් පසු­ගිය දින කිහි­පය තුළ එම මුහුදු මාර්ගය භාවිත කිරී­මට උත්සාහ කළ නෞකා රැස­කට ඉරාන ආර­ක්ෂක හමු­දා­වෙන් ප්‍රහාර එල්ල වූ අතර, පෙරේදා ඕමා­නය ආසන්න මුහුදු තීරයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ලයි­බි­රි­යානු ධජය යටතේ යාත්‍රා කර­මින් තිබූ ග්‍රීක සමා­ග­ම­කට අයත් භාණ්ඩ ප්‍රවා­හන නෞකා­ව­කට ප්‍රහා­ර­යක් එල්ල වීමත් සමඟ ඕමා­න­යට අයත් මුහුදු තීරය අනා­ර­ක්ෂිත තත්ත්ව­යට පත්වී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp