
ඊශ්‍රායලය මාස ගණනකට පසුව ලෙබනනයේ බේරූට් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිස්බුල්ලා සංවිධානයේ හමුදා අංශයේ මාණ්ඩලික ප්‍රධානී හේතම් අලි ටබටබායි මෙලෙස මරණයට පත්ව ඇත.
හිස්බුල්ලා සංවිධානය විසින් ද හේතම් අලිගේ මරණය තහවුරු කැර ඇතැයි සදහන් වේ.
දකුණු බේරූට් හි හිස්බුල්ලා බලකොටුවක් වන ඩහියේහි මහල් නිවාස සංකීර්ණයකට ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවත් 28දෙනෙකුට තුවාල සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. අදාළ අණ දෙන නිලධාරියා රැදී සිටි ස්ථානය නිවැරදිව හඳුනාගෙන ප්‍රහාරය එල්ල කැර තිබේ
cyber world press
