Impartial news reporting for a stronger democratic society
හිටපු රැප් ගායකයෙක් නේපාල අගමැති ධුරයට තරඟ වදින බවට අනාවරණයක් !

ඉදිරියේ පැවැත්වෙන නේපාල පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, ජනප්‍රිය නායකයන් දෙදෙනෙකු සන්ධානයක් පිහිටුවා ගෙන ඇති  බව අනාවරණය වෙයි.

දශක තුනකට වැඩි කාලයක් ආධිපත්‍යය දැරූ පැරණි පක්ෂවලට මෙම සන්ධානය අභියෝග  වන බව විශ්ලේෂකයින්  සඳහාන් වෙයි.

කත්මණ්ඩු නගරාධිපති ධුරයෙන් ඉවත් වූ බාලේන්ද්‍ර ෂා,  සහ රූපවාහිනී නිවේදකයකු වූ රබී ලැමිචේන් නායකත්වය දෙන රාස්ත්‍රීය ස්වාධීන පක්ෂයට (RSP) හෝ ජාතික ස්වාධීන පක්ෂයට එක් වූ බව පක්ෂ අනාවරණය වී ඇත.

මාර්තු 5 වැනි දින පැවැත්වෙන මැතිවරණයෙන් පක්ෂය ජයග්‍රහණය කළහොත්, 35 හැවිරිදි රැප් ගායකයකු වන  බාලේන්ද්‍ර  අගමැති ධුරයට පත්වන බවත්, ලැමිචේන් මහතා පක්ෂ ප්‍රධානියා ලෙස පවත්වන බවත්  අනාවරණය වෙයි.

නේපාලයේ දූෂණයට එරෙහිව තරුණයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී  ගෙන ගිය විරෝධතාවලදී පුද්ගලයන් 77 දෙනෙකු මිය ගිය අතර , අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වීමට හේතු විය.

නේපාල මැතිවරණ කොමිසම පවසන්නේ, රටේ මිලියන 30 ක ජනතාවගෙන් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.

ඔලි මහතාගේ නේපාල කොමියුනිස්ට් පක්ෂය (එක්සත් මාක්ස්-ලෙනින්වාදී) සහ මධ්‍යමවාදී නේපාල කොංග්‍රසය පසුගිය දශක තුනෙන් වැඩි කාලයක් බලය බෙදාගෙන ඇති අතර, එයට බාලේන්ද්‍ර අභියෝග කරනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp