Impartial news reporting for a stronger democratic society
හිටපු ඇමැති ඩග්ලස් ජනවාරි 9 තෙක් රිමාන්ඩ්

  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු  ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කැර තිබේ.

හිටපු  ඇමැතිවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගනු ලැබීණි.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනි අවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමකින් පසු  හෙළි වු තොරතුරකට අදාළව විමර්ශන සිදු  වෙයි..

මාකඳුරේ මදුෂ් සතුව තිබී සොයාගත් එම ගිනි අවියේ අංක පරීක්ෂා කිරීමේදී එය දේවානන්දා මහතා වෙත නිකත් කැර තිබූ ගිනිඅවියක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී ගිනිඅවිය අස්ථානගත වූ අකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම මත ඩග්ලස් දේවානන්දා මහතා එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp