
හිටපු අගමැතිවරයකුට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට 2012 හා 2014 වර්ෂ වලදී ජනාධිපති අරමුදලින් ලබා දී තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් නැවත අය කැරගෙන නැතැයි අනාවරණය වෙයි.
ජනාධිපති අරමුදල පනතෙන් ණය වශයෙන් මුදල් ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී අරමුදල මෙලෙස මුදල් නිකුත් කැර තිබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු මන්ත්‍රීවරයකුට ජනපති අරමුදලින් දුන් කෝටියකුත් පුස්වෙලා
එසේම හිටපු ජනාධිපති ලේකම්ගේ අංක PF/M/ 78/06 චක්‍රලේඛය සහ 2015. 02.02 ලිපිය මත මන්ත්‍රීවරයකුට රුපියල් කෝටියකට වැඩි මුදලක් ජනාධිපති අරමුදලින් ගෙවා ඇතත් එම මුදල් ද පසුගිය වසරේ ජුනි මාසය වනවිටත් අයකරගෙන නොතිබූ බව එම ආරංචි මාර්ග අනාවරණය කෙළේය.
ජීවිත කාලය පුරා රෝගී තත්ත්වයෙන් පසුවන බවට හඳුනාගෙන තිබූ එකොළොස් දෙනෙකු වෙනුවෙන් අරමුදල රාජ්‍ය බැංකු තුනක රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් ආයෝජනය කර එහි ප්‍රතිලාභ එම රෝගීන්ට මාසිකව ලැබීමට කටයුතු සලස්වා තිබුණද මුදල රෝගීන්ට ප්‍රමාණවත් වේද යන්න ඇගයීමට ලක් කැර ඊට අනුකූලව අවශ්‍ය සංශෝධන කිරීමට අරමුදල කටයුතු කැර නොතිබූ බව රජයේ ප්‍රකාශනයක් පැවසීය.
( lankalokaya | අසේල පෙරේරා)
