Impartial news reporting for a stronger democratic society
හසීනා යළි බංග්ලාදේශයට ගෙන්වා ගන්න ඉන්ටර්පෝල් සහය පතයි

මරණ දඬුවම නියම වී සිටින බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනා සහ හිටපු ස්වදේශ කටයුතු ඇමැති අසාදුස්සමාන් ඛාන් කමාල් ඉන්දියාවෙන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඉන්ටර්පෝල් සහාය ලබා ගැනීමට අපරාධ අධිකරණය එරට අන්තර්වාර රජයේ විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කැර ඇතැයි බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය සදහාන් කරයි.

හිටපු අගමැතිනිය සහ ස්වදේශ කටයුතු ඇමැතිවරයා බංග්ලාදේශයට භාර දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කරන බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ද ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩිදුරටත්  පෙන්වා  දෙයි.

හිටපු අගමැතිනියට එරෙහිව නඩු පැවැරීමෙන් පසු මානුෂීය අපරාධ සිදු කිරීමේ චෝදනා ලැබූ හසීනා ඇතුළු හිටපු රජයේ 12 දෙනකුට රතු නිවේදන නිකුත් කරන ලෙස බංග්ලාදේශයේ පොලීසිය මීට පෙර ඉන්ටර්පෝල් වෙත දැනුම් දී තිබූ බව ද ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහන් කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp