
චීනයේ හයිනාන් නිදහස් වෙළෙඳ වරාය බිහිකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද වැදගත් තීරණයක් බව චීන ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කරයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (6) හයිනන් පළාතේ ස්අන්යා නගරයේ පැවති හයිනන් නිදහස් වෙළෙඳ වරාය පිළිබඳ සමුළුවේදීය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වයෙන්, එම වරාය ඉදිකිරීමේ අරමුණ අංග සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියට අනුව, මේ වසරේ දෙසැම්බර් මස 18 වැනි දා සිට චීනයේ හයිනන් පළාතේ නිදහස් වෙළෙඳ වරායේ රේගු මෙහෙයුමක් නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එය චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීම ස්ථිර ලෙස ක්‍රියාත්මක කරමින් විවෘත ලෝක ආර්ථිකය ගොඩනැගීම සඳහා සංකේත්වත් පියවරක් බව හෙතෙම සඳහන් කළේය. එහිදී සියලු මට්ටම් සහ අදාළ අංශ නිසි ආකාරයෙන් සුදානම් ැර අදාළ කටයුතු ස්ථාවර ව පවත්වා ගැනීම සහතික කළ යුතු බවද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කෙකෙය.
චීනයේ හයිනන් නිදහස් වෙළෙඳ වරාය ගොඩනැගීමේ උපායමාර්ගික ඉලක්කය වන්නේ එම වරාය නව යුගයේ චීනයේ විවෘතභාවය සඳහා ප්රමුඛ පෙළේ වැදගත් ප්‍රවේශයක් ලෙසින් සංවර්ධනය කිරීමයි. ඒ සඳහා විවෘත මනසකින් යුතුව ප්‍රතිසංස්කරණය සහ නවෝත්පාදන ක්‍රියාත්මක කළ යුතු අතර, ක්‍රමයෙන් ඉහළ මට්ටමේ නිදහස් වෙළෙළෙවරායකට ගැළපෙන පරිදි ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කළ යුතුය. එමෙන්ම පද්ධතිමය විවෘතභාවය ස්ථිර ලෙස පුළුල් කරමින් වෙළෙළෙආයෝජන නිදහස්කරණ හා පහසුකරණ මට්ටම වැඩිදුරටත් ඉහළ නංවා ගත යුතු බවද හෙතෙම ප්‍රකාශ කෙළේය. තවද, පරිපාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කරමින් පරිපාලන සේවා යහපත් කර වෙළඳපොළේ මූලධර්ම හා නීතියට අනුකූල වන පරිදි ජාත්‍යන්තර මට්ටමේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු යැයිද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙහිදී අවධාරණය කෙකෙය.
