Impartial news reporting for a stronger democratic society
හමාස් සංවිධානය ඊශ්‍රා­යල හිත­වාදී පල­ස්තීන සන්නද්ධ  නාය­ක­යා  මරා දමයි

ඊශ්‍රා­යල හිත­වාදීයකු වු පල­ස්තීන සන්නද්ධ කණ්ඩා­යම් නාය­ක­යකු වන යසීර් අබු ෂහාබ්, හමාස් සංවි­ධා­නය  විසින් ඝාත­නය කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

 ඊශ්‍රා­ය­ලයේ පාල­නය යටතේ පව­තින දකුණු ගාසා තීරයේ රෆා නුවර ස්ථාන­ගත වී සිටි සිය නාය­කයා වෙඩි ප්‍රහා­ර­ය­කින් මිය ගිය බව හමාස් විරෝධී සන්නද්ධ කණ්ඩා­යම නිවේ­ද­නය කැර ඇතැයි ද සඳහාන් වේ.

ගාසා යුද­ ගැ­ටුම් අත­ර­තුර හමාස් සංවි­ධා­න­යට එරෙ­හිව නැඟී සිටි එම සන්නද්ධ කණ්ඩා­යම ඊශ්‍රා­ය­ලය වෙනු­වෙන් සහාය පළ කිරීම ඝාත­න­යට හේතු වී ඇතැයි ද වාර්තා වේ.

වෙඩි ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ සන්නද්ධ නාය­කයා ඊශ්‍රා­යල හමු­දාව, රෆා නග­ර­යෙන් ඉව­තට රැගෙන ගොස් දකුණු ඊශ්‍රා­ය­ලයේ රෝහ­ල්ගත කැර ඇති අතර, ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය­ගිය බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඊශ්‍රා­ය­ලය වෙනු­වෙන් සහාය පළ කිරීම හේතු­වෙන් හමාස් සංවි­ධා­නය ඔහු ඝාත­නය කිරී­මට නියෝග නිකුත් කැර තිබූ බව ද වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp