
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් පරිමාව 2025 සැප්තැම්බර් වනවිට මෙට්‍රික් ටොන් මිලියන 6.02ක් ලෙස වාර්තා වන අතර, එය 2024 වසරේ එම කාල සීමාවේ දී වාර්තා වූ මෙට්‍රික් ටොන් මිලියන 2.39ක පරිමාණයට සාපේක්ෂව සියයට 151ක වර්ධනයක් පෙන්වයි. වරාය විසින් මෙම විශිෂ්ට වර්ධනය අත්පත් කර ඇත්තේ දේශීය වාහන ආනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඇතිවූ තදබදය වැනි ව්‍යාපාරික අභියෝග රැසක් මධ්‍යයේය.
දේශීය වාහන ආනයන තහංචිය ඉවත් කිරීමෙන් අනතුරුව, නිශ්කාශන ප්‍ර මාදයන් නිසා ඇති වූ ඉඩ ඇහිරීම් සහ තදබද තත්වය හේතුවෙන් අංගන අවකාශය, යන්ත්‍රෝපකරණ මෙන්ම වරායේ එදිනෙදා මෙහෙයුම් ක්‍රියාවලීයද දැඩි ලෙස පීඩනයට ලක් විය. මේ සියල්ල සැළකිල්ලට ගනිමින් HIP හි මෙහෙයුම් අංශය වාහන අංගන කාර්යක්ෂම ලෙස සකසා, බහාලුම් ප්‍රවාහය සමතුලිත කොට, ඒවා ආරක්ෂිතව මෙන්ම කාර්යක්ෂමව ගොඩගැසීම වැනි උපායමාර්ග ඉදිරිපත් කරමින් එම අභියෝගවලට මුහුණදී ඇත. මෙම උත්සාහයන්ට සහය වශයෙන් HIP කළමනාකාරිත්වය සේවක සංඛ්‍යාව වැඩි කර, අතිරේක අංගන පහසුකම් හා යන්ත්‍රෝපකරණද සැපයීමට කටයුතු කළේය. මෙවැනි ප්‍රතිපත්තිමය පියවර හේතුවෙන්, කිසිඳු ප්‍රමාදයකින් තොරව නැව් හැසිරවීමේ කටයුතු කරමින් තම ඵලදායිතාවට බාධා නොවන අන්දමින් මෙහෙයුම් ගෙන යෑමට වරායට හැකි විය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසන්නේ, “වසර අවසානය වෙත පිය නගමින් සිටින මෙම අවස්ථාවේදී, ඉහළ යන ඉල්ලුමක් මැද විශ්වාසදායක සේවාවක් ලබාදීම වෙනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවේ පුළුල් වෙළඳ, බලශක්ති සහ සැපයුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා කොටස්කරුවන්, නැව් සමාගම් සහ රජයේ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි සූදානම්,” බවයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ විශාල වර්ධනයක් වාර්තා වන්නේ 2024 අවසන් කාලසීමාවේදී ආරම්භ කළ ව්‍යුහමය යටිතල වැඩසටහන් රාශියක් මැදිනි. 2024 අගභාගය වන විට, වරාය විසින් නවීනතම දොඹකර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 41 ක් ආයෝජනය කළ අතර එමඟින් බහාලුම් හැසිරවීමේ ධාරිතාව වාර්ෂිකව TEU මිලියන 1 දක්වා ඉහළ නැංවීය. 2024 දී LPG සහ බංකර් පරිමාවන්හි කැපී පෙනෙන වර්ධනයක් සමඟින් ඉන්ධන සැපයුම් සහ බලශක්ති සේවා ද පුළුල් කර ඇත. වාර්ෂිකව 26%කින් වැඩි වූ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ වර්ධනයත් සමඟින් අවධාරණය වන්නේ, පුළුල් බහුකාර්ය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ඔවුන්ගේ ස්ථාපිතය සුරක්ෂිත කිරීමට HIP හට ඇති වගකීමයි.
මහින්ද අලුත්ගෙදර
