Impartial news reporting for a stronger democratic society
හදිසි නීතිය අහෝසි!

හදිසි නීතිය තව දුරටත් දීර්ග නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දු කැර ඇති අතර ඒ අනුව අද (01) දිනයේ සිට හදිසි නීති තත්ත්වය අහෝසි වනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග  කියයි.

රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය වසරේ අගදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙළේ ය.
ඒ අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යෑම සහතික කිරීමේ අරමුණ ඇතිව නොවැම්බර් 28 වැනි දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණ අතර පාර්ලිමේන්තුවේදී එය සම්මත විය.
කෙසේ වෙතත්, ආපදා තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය, ජනතාව මර්දනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී සහතික විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp