
ගංවතුර සහ නායයෑම් ඉහළ යෑමට හේතු වූ පාරිසරික හානියට වගකිවයුතු ඉන්දුනීසියානු බලධාරීන් සහ සමාගම් 12ක් හඳුනාගන්නා ගෙන ඇති අතර, ඒ් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කැර ඇතැයි එරට පාරිසරික ඇමැති රාජා ජුලි ඇන්ටෝනි ප්‍රකාශ කළ බව ඉන්දුනීසියාවේ අන්ටාරා පුවත් සේවය සඳහාන් කෙකෙය.

දැවැන්ත ගංවතුර සහ නායයෑම් සිදු වූ සුමාත්‍රා දුපතේ ප්‍රාන්ත 3ක වනාන්තර ප්‍රදේශ සහ ගංගා ද්‍රෝණිවලට හානි කළ ක්‍රියාකාරකම් පිළිබඳ පරිසරවේදීන් පෙන්වා දී ඇති අතර, ගංවතුර අතරතුර කඳුකරයේ සිට පහළට ගසාගෙන ගිය දැව කඳන්වල මූලාශ්‍ර සොයා ගැනීමෙන් එම ස්ථාන සහ එහි ඉදිකිරීම් කටයුතුවල නිරතවූ සමාගම් හඳුනා ගැනීමට පොලීසිය සමඟ එක්ව එරට පාරිසරික අමාත්‍යාංශය පුළුල් විමර්ශනයක් සිදු කළ බව පාරිසරික ඇමැතිවරයා ප්‍රකාශ කැර ඇතැයි අන්ටාරා පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කළේය. එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කැර තිබේ. හෙක්ටයාර් 7,50,000ක් ආවරණය වන පරිදි වනාන්තර සහ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ඉදි කිරීමේ කටයුතුවල නිරතවීමට සමාගම්වලට ලබා දී ඇති බලපත්‍රවලින් 20ක් පමණ අවලංගු කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ද සඳහාන් වේ.
පෙරේදා වන විට සුමාත්‍රා දූපතේ පළාත් 3කින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 908 දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදන් වූ තවත් පුද්ගලයන් 410 දෙනකු පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි ජකර්තා ග්ලෝබ් පුවත් සේවය සඳහාන් කෙළේය. ලක්ෂ 10කට ආසන්න පිරිසක් අවතැන් කළ ගංවතුර සහ නායයෑම්වලින් පුද්ගලයන් 4,200ක් තුවාල ලබා ඇති අතර, එරට ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය සඳහන් කැර ඇත්තේ නිවාස එක්ලක්ෂ විසිඑක්දහසක් විනාශ වී ඇති බවයි.( දිනමිණ ඇසුරෙන්)
