
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ අධික ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 776 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ආපදා සහන සේවා ඒජන්සිය ප්‍රකාශ කළ බව ජකර්තා පෝස්ට් පුවත් සේවය සඳහාන් කෙළේය.
ආපදා ඒජන්සියේ දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව තවත් පුද්ගලයන් 564 දෙනකු තවමත් අතුරුදන් බව ද සඳහාන් වේ. අවතැන් වූ මිලියන 1.5ක ජනතාව වෙනුවෙන් සහනාධාර සැපයීම අඛණ්ඩව සිදුවන බවත්, විනාශකාරි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක පාඩුවක් සිදු වූ බව ඉන්දුනීසියානු රජය නිවේදනය කැර ඇතැයි ද සඳහාන් වේ.
මේ වන විට අවතැන්වූවන්ට සහනාධාර බෙදා හැරීම සඳහා ගංවතුරෙන් විනාශ වූ මහාමාර්ග සහ යටිතල පහසුකම් පිළිසකර කිරීමේ වැඩකටයුතු ක්‍රියාත්මක කැර ඇතැයි ද ජකර්තා පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කළේය.
දිස්ත්‍රික්ක 50කට අධික සංඛ්‍යාවක නිවාස දසදහසකට වැඩි ප්‍රමාණයක් ගංවතුරෙන් විනාශ වී ඇති අතර, රජයේ ගොඩනැඟිලි 354ක් ද ගංවතුරට හසු වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.(දිනමිණ ඇසුරෙන්)
