
දෙවසරකට වැඩි කාලයක් බන්ධනාගාරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරමැදිරිය තුළ මුහුණ පා සිටින දුෂ්කරතා සම්බන්ධව තොරතුරු හෙළි කරමින් එරට අගවිනිසුරුවරයාට ලිපියක් යොමු ැර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. අඩි 9×11ක කුඩා සිරමැදිරියක වසර දෙකක් පුරා දැඩි පීඩනයකින් යුතුව කාලය ගත කරන බවත්, සිර දඬුවමට එරෙහිව යොමු කළ පෙත්සම් සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා එම ලිපිය ඉදිරිපත් ක ැර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.යුක්තිය සහ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම මාතෘකාව යටතේ හිටපු අගමැතිවරයා විසින් සිය නීතිඥවරයා මඟින් එම ලිපිය යොමු ැර තිබේ.
අගවිනිසුරු යහ්හා අෆ්රිඩි සහ ඉම්රාන්ගේ නීතිඥවරයා අතර පැයකට වැඩි කාලයක් එම ලිපිය සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඇති අතර, පැය 24ක් ඇතුළත ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට අගවිනිසුරුවරයා සහතික වූ බව ඉම්රාන්ගේ නීතිඥවරයා ප්‍රකාශ ැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
