Impartial news reporting for a stronger democratic society
සාම්ප්‍රදායික ගොවි බිම් අත්පත් කර ගන්න  උතුරු පළාත් රාජ්‍ය ආයතන පියවර අරන්

උතුරු පළාත් රාජ්‍ය ආයතන යටතේ උතුරේ ඉඩම් අත්පත් කැර ගැනීම අඛණ්ඩව සිදුවන බව දෙමළ මන්ත්‍රීවරයකු පසුගිය දා  චෝදනා  කෙළේය.

ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පසුගිය දා   මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දන් උමාමහේෂ්වරන් හමුවී මේ පිළිබඳ   සාකච්ඡා කැර තිබේ.

මහවැලි සංවර්ධන අධිකාරිය කොක්කුතුඩුවායි හි කොට්ටයිකර්නි හි දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික ගොවි ඉඩම් කිසිදු අවසරයකින් තොරව එළි පෙහෙළි කරමින් එහි ලුණු ලේවායක් ආරම්භ කරන බව රවිහරන් ප්‍රකාශ  කැර තිබේ.

මාස තුනකට පෙර, එම පහසුකම විවෘත කිරීම සඳහා දෙමළ ජනතාවගේ ඉඩම් ලබා දෙන ලෙස MDA කළ ඉල්ලීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රීවරයා පැවසීය.

තවද, ගොවීන් තම ජීවනෝපායට බාධා කරන වල් අලි පලවා හැරීම සඳහා තම කුඹුරේ විදුලි වැටක් ඉදිකිරීමේ පියවරක් පිළිබඳව තමාට දැනුම් දුන් බව ඔහු පැවසීය.

මෙය ද දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව සිදුවන බව රවිහරන් පැවසීය.

උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කැර ගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා හා වනජීවී දෙපාර්තමේන්තු වැනි හමුදා සහ රාජ්‍ය ආයතනවලට චෝදනා එල්ල වී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp