
සටන් විරාමයක් සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ඉරානයට එරෙහි යුද්ධය ජයගත් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රතික්ෂේප කැර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රකාශක කර්නල් ඉබ්රාහිම් සොල්ෆගාරි වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කැර ඇත්තේ අමෙරිකාව ඔවුන් සමඟම සාකච්ඡා පවත්වමින් සිටින බවයි. ඔබට ඔබ සමඟම සාකච්ඡා කිරීමට තරම් ඔබේ අභ්‍යන්තර පරිපාලනයේ අභ්‍යන්තර අර්බුද මතු වී තිබේ දැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසා සිටි හමුදා ප්‍රකාශක ඉබ්රාහිම් සිය පරාජය ගිවිසුමක් ලෙස නොසලකන ලෙස විඩියෝ පණිවුඩය මඟින් දැනුම් දී තිබේ. ‘ඉරානය වැනි රාජ්‍යයක් අමෙරිකාව වැනි රටක් සමඟ කිසිදිනෙක එකඟතාවකට පැමිණෙන්නේ නැති බවත්, මේ මොහොතේ පමණක් නොව අනාගතයේ කිසිදු දිනයක එවැනි එකඟතාවක් ඇති නොවන බවත් ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රකාශක ඉබ්රාහිම් සොල්ෆගාරි අමෙරිකාවට වැඩිදුරටත් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි
