
ස්වීඩන් ජාතිකයකුට ඉරානයෙදී ඊයේ (18) මරණීය දණ්ඩනය ලබා දී ඇත.
ඔහු කවරෙක් දැයි ස්වීඩන් විදේශ අමාත්‍යංශය සඳහන් නොකළේය.
ඔහු පසු ගිය වසරේ ජුනි මස ඉරානයේ දී අත්අඩංගුවට පත් වූ අතර, ඒ පිළිබඳ ස්වීඩන් බලධාරීහු ඉරාන රජයෙන් දිගින් දිගටම ප්‍රශ්න කැර ඇත.
මරණීය දණ්ඩනය යනු අමානුෂික, කෲර, යළි හැරවිය නොහැකි දඬුවමකැයි, ස්වීඩන විදේශ ඇමැති මාරියා මැල්මර් ස්ටෙනර්ගාර්ඩ් පවසා ඇත.
සියලු තත්ත්වයක් යටතේ එය ක්‍රියාත්මක කිරීම ස්වීඩනය සහ යුරෝපීය සංගමය දැඩි ලෙස හෙළා දකින බව ද ඇය පවසා ඇත.
එම ස්වීඩන් ජාතිකයා ඝාතනය කිරීම අදාළ නෛතික ක්‍රියාවලියෙන් බැහැරව සිදු කැර ඇතැයි ද ඇය චෝදනා කළාය.
මෙම තීරණය හෙළා දැකීම සඳහා ස්ටොක්හෝම් හි ඉරාන තානාපතිවරයා කැඳවූ බව ස්වීඩන විදේශ ඇමැති මාරියා මැල්මර් ස්ටෙනර්ගාර්ඩ් පැවසුවාය.
(සටහන |Reuters ඇසුරින්-හර්ෂ උදයකාන්ත පීරිස් )
මුලාශ්‍රය
Swedish citizen executed in Iran, Sweden’s foreign minister says
