Impartial news reporting for a stronger democratic society
ස්වභාවික අපදාවන්වලින්  පීඩාවට පත්ව සිටින  ශ්‍රී ලාංකික ජනතාව සමඟ පාකිස්ථානය ද ශෝකයට පත් වෙනවා —  ශ්‍රී ලංකාවේ  පාකිස්ථාන මහා කොමසාරිස් ශෝක පණිවිඩයක් නිතුත් කරමින්  කියයි

කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන ශ්‍රී ලාංකික ජනතාවට සිදුව ඇති ස්වභාවික අපදාවන් සහ එම අපදාවන් හේතු කොට ගෙන ජිවිත අහිමි වුවන්ගේ පවුල්වලටත්, අවතැන් වූ දහස් සංඛ්‍යාත පුරවැසියන්ටත් අපගේ ශෝකය පළ කරන බව ශ්‍රී ලංකාවේ  පාකිස්ථාන මහා කොමසාරිස්  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම්-උල්-අසීස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම  නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහාන් වෙයි.

ශ්‍රී ලංකාවේ  ප්‍රදේශ රැසකට සුළි සුළං තත්ත්වයන් සහ පෙර නොවූ විරූ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ දරුණු කාලගුණික අර්බුදය හමුවේ , පාකිස්ථාන රජය සහ එහි ජනතාව ශ්‍රී ලංකා රජය සහ එහි  ජනතාව සමඟ මේ අවස්ථාවේ ගැඹුරු සහයෝගීතාවයයෙන් කටයුතු කරනවා. ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක්  කර ගන්නවා. සිදුව ඇති තත්ත්වය හමුවේ ජනතාව ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සිදු කිරීමේදී කඩිනම් සහ සම්බන්ධීකරණ ප්‍රතිචාරයන් සහිතව ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ උත්සාහයන් පාකිස්ථාන රජය  ඉහළින් අගය කරනවා.

කිර්තිමත් ඉතිහාසය තුළ අන්‍යෝන්‍ය ගෞරවය පිළිගනිමින්,  අභියෝගාත්මක කාලවල දී ශ්‍රී ලංකාවට සහාය වෙමින්  කාලානුරූපීව මිත්‍රත්වය ඉදිරියට ගෙන යෑමට පාකිස්ථානය  දැක්වු සහාය නැවත තහවුරු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

මෙහිදී ප්‍රකාශ කළ යුතු කරුණක් වන්නේ, ඔරොත්තු දෙන ජාතියක් ලෙස ශ්‍රී ලංකාව සිටිමින් මෙම ඛේදවාචකයෙන් නිසැකවම ජය ගැනීමට ශක්තිය සහ ධෛර්යය සොයා ගනු ඇති බව පාකිස්තානය දැඩිව විශ්වාස කරනවා යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහාන් වෙයි.

( cyber world press – Colombo )

Follow by Email
LinkedIn
Share
WhatsApp