Impartial news reporting for a stronger democratic society
සරණට කොළඹ මහාධිකරණයෙන් සරණක්  නැහැ —  බරපතළ වැඩ ඇතිව වසර 16ක සිරදඬුවමක්

අල්ලස් කොමිසම ගොනුකර තිබූ දූෂණ චෝදනා නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය ඇමැති  සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිතව වසර හතර බැගින් කොළඹ මහාධිකරණය  සිරදඬුවම් නියම කෙරෙණි.

ඒ අනුව එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය විත්තිකරුට බරපතළ වැඩසහිතව වසර 16ක සිරදඬුවම් නියම කෙළේය.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය නියම කැර තිබේ.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා  මෙම තීන්දුව ලබා දුන්නේය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ,ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩු හතර ගොනු කැර තිබුණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp