
සමාජ මාධ්‍ය ජාලයන්වල ඇති නීති විරෝධි ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමට නව නීතියක් ඉන්දියාවෙන් හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
එම නීතියට අනුව නීති විරෝධි ප්‍රකාශ සහ ඡායාරූප ඇතුළු සටහන් පැය 36ක් ඇතුළත ඉවත් කළ යුතු බවත්, නව නීතිය ලබන 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. ෆේස් බුක්, යූ ටියුබ්, එක්ස් ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය රැසකට එම නීතිය අදාළ වනු ඇතැයි ද, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ මුදා හරින සටහන් සහ ඡායාරුප ද ඊට ඇතුළත් වනු ඇතැයි සඳහාන් වේ.
පසුගිය වසර කිහිපය අතරතුරදීද ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධ නීති යටතේ එවැනි නීති විරෝධී ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමට ඉන්දීය බලධාරින් කටයුතු කැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.( දිනමිණ ඇසුරෙන්)
