Impartial news reporting for a stronger democratic society
සබ්මැරීන ප්‍රහාරයකින්  IRIS Dena යුධ ‌නෞකාව ගිල්වා දැමීම : ඉන්දියාවේ සංවේදීතාව සලකා බැලීමට අමෙරිකාව අපොහොසත් වූණා — ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් කන්වාල් සිබල් කියයි

සබ්මැරීන ප්‍රහාරයකින්  ඉරාන යුද නෞකාවක් ඉන්දීය සාගරයේ දී ගිල්වා දැමීමෙන්,  ඉන්දියාවේ සංවේදීතාව සලකා බැලීමට අමෙරිකා එක්සත් ජනපදය අපොහොසත් වූ බව ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් කන්වාල් සිබල් පසුගිය  බ්‍රහස්පතින්දා (05) සමාජ මාධ්‍ය වෙත X පණිව්ඩයක්  තබමින් ප්‍රකාශ කැර ඇත.

 ඔහු තවදුරටත් පැවසුවේ, එම කලාපයේ සිටි බවයි.

ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වන ලද බහුජාතික නාවික අභ්‍යාසයක් වන මිලාන් නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉරාන යුද නෞකාවක් වන  IRIS Dena ඉන්දියන් සාගරයට පැමිණියේ , ඉන්දිය රජයේ විශේෂ ආරාධනයකට අනුවය.

“අපගේ මිලාන් අභ්‍යාසයට සහභාගී වීමට අපි ආරාධනා නොකළේ නම්, ඉරාන නෞකාව එතැනට   පැමිණෙන්නේ නැහැ.අපි සත්කාරකයින් ” .

ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් සඳහා ශෝක පණිවිඩයක් නිකුත් කිරීම පිළිබඳව ඉන්දීය නාවික හමුදාව සලකා බැලිය යුතුයි. ඔවුන් ඉන්දියාවේ ආරාධිත අමුත්තන් .

ඔහුට අනුව, අභ්‍යාසයට සහභාගී වන නැව් පතොරම් රැගෙන යෑම සඳහා සීමාවන් ඇතුළුව දැඩි ප්‍රොටෝකෝල අනුගමනය කළ යුතුය.

“මෙම අභ්‍යාසයේ ප්‍රොටෝකෝලය අනුව නැව්වලට කිසිදු පතොරම් රැගෙන යා නොහැකි බව මම දන්නවා. එය අනාරක්ෂිතයි.”

මෙම අභ්‍යාසය අතරතුර ඉරාන නාවික නිලධාරීන් ද උත්සව අවස්ථාවන්ට සහභාගී වී තිබෙනවා. ඉන්දීය ජනාධිපතිවරයා ඉදිරියේ  පැවති පෙළපාළියටත්  ඔවුන්  සහභාගි වුණා.

ප්‍රහාරය කලින් සැලසුම් කළ එකක්. ඉරාන නෞකාව කලාපයේ අභ්‍යාසයේ කොටසක් ලෙස ඇති බව  අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව දැන සිටියා.

මිලාන් අභ්‍යාසයට සහභාගී වීමට අමෙරිකා  එක්සත් ජනපදයට මුලින් ආරාධනා කර තිබුණත්, ඔවුන්  එය ආරම්භ වීමට ටික කලකට පෙර එයින් ඉවත් වූණා.

“ඉන්දියාවේ ආරාධනය නිසා නෞකාව  මේ ඉන්දිය සාගර කාලාපයේ  තිබූ බැවින්,  අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ සංවේදීතාව නොසලකා හැර තිබේනවා.

ඉන්දියාව මෙම සිද්ධියට අදාළව කිසිදු දේශපාලන හෝ මිලිටරි වගකීමක්  දරන්නේ  නැහැ.

ඉන්දියාවේ වගකීම, ඔහුගේ මතය අනුව, ඉරාන නාවිකයන්ට අභ්‍යාසයට සහභාගී වීමට ආරාධනා කළා. “සදාචාරාත්මක හා මානුෂීය” මට්ටමකට සීමා වූණා.

Follow by Email
LinkedIn
Share
WhatsApp