
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් සඳහා ගාස්තු අය කිරීමට ඉරානයට සහ ඕමානයට අවසර දෙනු ඇතැයි කලාපීය නිලධාරියෙකු උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් සඳහාන් කරයි.
පාකිස්තානයේ මැදිහත්වීමෙන් ආරම්භ කළ සති දෙකක සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව අනවරණය වෙයි.
සාකච්ඡාවලට සෘජුවම සම්බන්ධ වූ කලාපීය නිලධාරියා, අභ්‍යන්තර සිද්ධි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවසර නොමැති බව සඳහාන් නරමින් නිර්නාමිකභාවයේ කොන්දේසිය මත සිය අදහස් දැක් වීය.
ඕමානය තම කොටස භාවිතා කරන්නේ කෙසේද යන්න පැහැදිලි නොවූ අතර, ප්‍රතිසංස්කරණය සඳහා ආදායම භාවිතා කිරීමට ඉරානය සැලසුම් කරන බව නිලධාරියා පැවසීය. උපායමාර්ගික ජල මාර්ගය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය භෞමික අයිතිවාසිකම් බෙදා ගැනීමට නියමිතය.
