Impartial news reporting for a stronger democratic society
   සජින් වාස් රිමාන්ඩ්

  

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ  ප්‍රබලයකු  ලෙස  කලක් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අද (09)  අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් පසු , රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කැර තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට  ගෙන ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්  කිරීමෙන් පසු ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග  කෙළේය.
ඒ රුපියල් මිලියන 243.8ක නීති විරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව සජින් වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්, අසංග එස් .බෝදරගම මෙම තීන්දුව ලබා දුන්නේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp