Impartial news reporting for a stronger democratic society
සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අනුපාතය අඩු කරන්න චීනය සහාය දෙනවා – චීන අගමැති ලී ච්‍යං කියයි

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අනුපාතය අඩු කිරීම සඳහා චීනය සහාය වන  බව චීන අගමැති ලී ච්‍යං පවසයි.

චීන අගමැතිවරයා මේ බව පැවසුවේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී 22 වැනිදා පැවති G20 කණ්ඩායමේ නායකයන්ගේ 20වැනි සමුළුවේ ප්‍රථම අදියරේ සැසිවාරයේ දී “පොදු සහභාගිත්වයෙන් යුතු තිරසර ආර්ථික වර්ධනය” මැයෙන් දේශනයක් පවත්වමිනි.

තවදුරටත් චීන අගමැතිවරයා මෙසේද පැවසීය.

වත්මන් ලෝක ආර්ථිකය නැවතත් ඒකපාර්ශ්වවාදය, ආරක්ෂණවාදය, විවිධ ආර්ථික හා වෙළෙඳ සීමාවන් සහ ගැටුම් වැඩි වීම වැනි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව ලී ච්‍යං එහිදී පෙන්වා දුන්නේය.

පවතින ගැටලුවලට මුහුණ දෙන G20 කණ්ඩායම, ඒ සඳහා විසඳුම් ගවේෂණය කරමින් යළි සියලු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීම ප්‍රවර්ධනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එසේම චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව “අප්‍රිකාවේ නවීකරණයේ සහයෝගීතාවයට සහාය වීමේ මුලපිරුම” යෝජනා කර ඇති අතර විවිධ රටවල පොදු සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා ගෝලීය සංවර්ධන ආයතනයක් ස්ථාපිත කිරීමට චීනය සූදානමින් සිටින බව ද ඔහු පැවසීය.

සැසිවාරයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී, සමුළුවට සහභාගි වූ විවිධ පාර්ශ්වයන් මූලික න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත. එහිදී ‘G20 කණ්ඩායමේ නායකයින්ගේ ජොහැන්නස්බර්ග් සමුළුවේ ප්‍රකාශනය’ සම්මත කෙරිණ. G20 සමුළුව ආරම්භක දිනයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කරගත් පළමු අවස්ථාව මෙයයි.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp