Impartial news reporting for a stronger democratic society
ශෙයික් හසී­නා පළවා හරින්න පෙරමුණ ගත් ෂරීෆ් ඔස්මාන් ව ඝාතනය කරලා! – අප­ක්ෂ­පාති, පරි­පූර්ණ සහ විනි­වි­ද­භා­ව­යෙන් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන්නැයි අන්ටෝ­නියෝ ගුටා­රෙස් කියයි

ශෙයික් හසී­නාගේ අවාමි ලීග් රජ­යට එරෙ­හිව පසු­ගිය වසරේ පැවති ශිෂ්‍ය විරෝ­ධ­තා­වයට නායකත්වය දුන්  ෂරීෆ් ඔස්මාන් හාදිගේ ඝාත­නය දැඩි සේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ ගුටා­රෙස් නිවේ­ද­න­යක් නිකුත් කරමින් කියයි

එම නිවේ­ද­න­යට අනුව ශිෂ්‍ය අරගල නාය­ක­යාගේ ඝාත­න­යට වග­කිව යුතු පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන ලෙස මහ­ලේ­කම් ගුටා­රෙස් බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජ­යෙන් ඉල්ලී­මක් ද කැර තිබේ. ජාත්‍ය­න්තර මානව හිමි­කම් ප්‍රමි­තීන්ට අනු­කූ­ලව කඩි­නම්, අප­ක්ෂ­පාති, පරි­පූර්ණ සහ විනි­වි­ද­භා­ව­යෙන් යුතු පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස එක්සත් ජාතින්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­ක­ම්ව­රයා එරට රජ­යට දැනුම් දී ඇතැ­යිද සඳහින් වේ.

ලබන වසරේ පෙබ­ර­වාරි මාසයේ පැවැ­ත්වී­මට නිය­මිත බංග්ලා­දේශ මැති­ව­ර­ණය සඳහා කට­යුතු සුදා­නම් කර­මින් සිටින බැවින් සංය­ම­ය­කින් යුතුව කට­යුතු කරන ලෙස මහ­ලේ­ක­ම්ව­රයා ඉල්ලා සිටි බව ඔහුගේ ප්‍රකා­ශක ස්ටීවන් ඩුජා­රික් නිව්යෝර්ක් නුවර මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ප්‍රකාශ කැර  ඇත.

.ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් වැළකී සාම­කාමී මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම සඳහා අවශ්‍ය පසු­බිම නිර්මා­ණය කරන ලෙසත්, ජන­තා­වගේ අයි­ති­වා­සි­කම් අඩ­පණ කරන පළි­ගැ­නීම් සහ පිල් බෙදීම් වැළැ­ක්වී­මට පිය­වර ගන්නා ලෙසත් එක්සත් ජාතින්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­ක­ම්ව­රයා බංග්ලා­දේ­ශයේ බල­ධා­රි­න්ගෙන් වැඩි­දු­ර­ටත් ඉල්ලා තිබේ.

Cyber World Press –Dhaka

Follow by Email
LinkedIn
Share
WhatsApp