
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 78 වැනි ජාතික දිනය සමරන්නේ ජාත්‍යන්තර දේශපාලන භුමිකාව තුළ පරිවර්තනයන් රැසක් සිදු වෙමින් පවතින අවස්ථාවක බව ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය අලි කෙබ්‍රියායි සාදේ ( Dr Ail Kebriyai Zadeh ) මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටි.
එම පණිවිඩයේ තවදුරටත් මෙසේද සඳහාන් වෙයි.
ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාව සමඟ ඉරානය දිගු කලක සිට ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් සම්බන්ධතා පවත්වනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ ඉරානය සංස්කෘතිකමය වශයෙන් පවත්නා සම්බන්ධතාව දිර්ඝ කාලීන මිත්‍රත්වය සහතික කරන සාධකයක් ලෙස පෙන්වා දීම වැදගත්.ශ්‍රී ලංකාවේ පොළොන්නරුව,අනුරාධපුරය සහ ගාල්ල වැනි ප්‍රදේශ සමඟ පැරණි පර්සියාව සහ ජනතාව පැවැත්වු ශීෂ්ටාචාර සම්බන්ධතාව පෙර – අපර දිග ජනවර්ගයන්ට මානා ආදර්ශයක් සපයනවා. එම ආදර්ශය ආර්ථික,සමාජ,දේශපාලන සහ සංස්කෘතික පසුබිම තවත් ශක්තිමත් කරන මාර්ගයක් වී තිබෙන බව මේ අවස්ථාවේ සඳහාන් කිරීම වැදගත්.විශේෂයෙන් දෙරට අතර සංස්කෘතික අන්තර්ක්‍රියා සහ ශිෂ්ටාචාර සංවාදය ශක්තිමත් කිරීම තුළින් දෙරට අතර කල් පවත්නා සහජිවනයට තවදුරටත් ශක්තියක් සපයනවා.
ඒ බැවින් මේ අවස්ථාවේ, ඉරානය සහ එහි ජනතාව වෙනුවෙන්, ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට මම අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරනවා.
ආචාර්ය අලි කෙබ්‍රියායි සාදේ
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ
