Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව සංගමයට නව නිල මඩුල්ලක්

ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව සංගමයේ 60 වැනි වාර්ෂික මහා සභා රැස්වීම  පසුගිය(7)  දා  කොළඹ රාමඩා  හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆාහිම් උල් අසීස් මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම මහා සභා රැස්වීම පැවැත් විණි.

ඉදිරි වසර සඳහා  ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව සංගමයේ විධායක කමිටුව  මෙම රැස්වීමේ දී තොරාපත් කැර ගන්නා ලදී.

 වමේ සිට දකුණට – පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක  උපදේශක කර්නල් ෆාරුක්, ෆසාල් ලාෆීර් (මහා ලේකම්), රිස්වි ඉස්මයිල් ( භාණ්ඩාගාරික), ෆස්ලි කාදර්( විධායක කමිටු සාමාජික), ආචාර්ය අෆ්සාල් ( විධායක කමිටු සාමාජික), සොහයිල් පටෙල්( විධායක කමිටු සාමාජික) ෆාහිල් පටෙල්( විධායක කමිටු සාමාජික), මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆාහිම් උල් අසීස් (විශ්‍රාමික) , ඉඩ්රිස් අද්මානි ( සභාපති ), ආචාර්ය රිස්වි ගවුස් (විධායක කමිටු සාමාජික), හිෂාම් අසීස් (විධායක කමිටු සාමාජික), ආචාර්ය සජාඩ් හුසේන් ( විධායක කමිටු සාමාජික), අස්නයින් කාර්ඩර් (විධායක කමිටු සාමාජික), සෆ්රාස් වීරා (විධායක කමිටු සාමාජික), ආචාර්ය අන්වර් මුස්තාෆා (විධායක කමිටු සාමාජික). යන මහත්වරු සමුහ ඡායාරුපයකට පෙනී සිටි අයිරු.

ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව සංගමය වසර ගණනාවක් පුරා ප්‍රජාවට විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන ක්‍රියාකාරී සංගමයකි. ඔවුන්ගේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාපෘතිය වුයේ, පකිස්ථානයේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් දහස් ගණනක් ශ්‍රී ලංකාවේ සහෝදරයන්ගෙන් ලබා  ගන්නා කෝනියා නිසා නැවත පෙනීම ලබා ගැනීමයි . මෙම කමිටුවේ නිල කාලය තුළ, ඔවුන් මේ දක්වා කෝනියා 285 ක් පමණ  පකිස්ථානයට යවා ඇති අතර, පෙනීම අහිමි වූ පසු පකිස්ථානයේ පුද්ගලයන් 285 දෙනෙකුට නැවත ආලෝකය දැක ගැනීමට ශ්‍රී ලංකාවේ සහෝදරයන් නිසා  හැකියාව ලැබී තිබේ.

සටහන — චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp