Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාවේ තරුණ වැඩිහිටියන් අතර ‘අයිස් ’ භාවිතය  ඉහළ ගිහින් – NDDCB අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව තුළ “අයිස් ” ලෙස පොදුවේ හඳුන්වන ස්ඵටික මෙතම්ෆෙටමින් (crystal methamphetamine) භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පසුගිය දා පැවසීය.

2025 වසරේ මුල් මාස 10 තුළ රට පුරා ඇබ්බැහිවීම් ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 60,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව NDDCB හි සහකාර පර්යේෂණ අධ්‍යක්ෂ තමාර දර්ශන මහතා පැවසීය.

“  මෑත වසරවලදී “ අයිස් ” ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවත්,  මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ගෙන් සියයට 99 ක් පමණ එකවර එක් වර්ගයකට වඩා ඖෂධ පරිභෝජනය කරන බවත් , ඇබ්බැහි වූවන් අතර බහු මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය වැඩි  වී ඇති තමාර දර්ශන මහතා පැවසීය.

NDDCB හි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ  මහතා පැවසුවේ, වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ වැඩිහිටියන් මත්ද්‍රව්‍ය භාවිතයට විශේෂයෙන් ගොදුරු වී ඇති බවයි.

NDDCB හි දත්ත වලට අනුව, 2024 දී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 228,450 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙතම්ෆෙටමින් ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් 68,132 ක් හෝ සමස්තයෙන් දළ වශයෙන් සියයට 30 ක් පමණ  වන බව පැවසීය.

රටේ තරුණ තරුණියන් අතර මෙතම්ෆෙටමින්(ස්ඵටික මෙතම්ෆෙටමින්) භාවිතයේ වර්ධනය වන ප්‍රවණතාවය මැඩපැවැත්වීම සඳහා ශක්තිමත් වැළැක්වීම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපන වැඩසටහන්වල අවශ්‍යතාවය නිලධාරීන් අවධාරණය කළහ.

Follow by Email
LinkedIn
Share
WhatsApp