Impartial news reporting for a stronger democratic society
වොෂි­න්ට­න­ය­ටත් ගංව­තු­ර

අමෙ­රි­කාවේ වොෂි­න්ටන් ප්‍රාන්ත නග­ර­යට  ගංව­තුර තත්ත්ව­යක් උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

 පෙරේදා වනවිට වොෂි­න්ටන් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක නිවාස සහ ගොඩ­නැ­ඟිලි ජල­යෙන් යටවී ඇති අතර, ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16කට ආධාර සැප­යී­මට අව­සර දෙමින් ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කළ බව ආණ්ඩු­කාර බොබ් ෆර්ගි­යු­සන් නිවේ­ද­නය කැර තිබේ.

මෙවර ගංව­තුර තත්ත්වය අති­ශ­යින්ම දරුණු බවත්, ඉදිරි දින කිහි­පය තීර­ණා­ත්මක බවත් ආණ්ඩු­කා­ර­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. වොෂි­න්ට­නයේ කිංග් දිස්ත්‍රි­ක්කයේ පිහිටි ඩෙසි­මොන් වේල්ල වර්ෂාව හේතු­වෙන් පිටාර ගැලී­මට පට­න්ගෙන ඇති බවත්, ඒ අවට ප්‍රදේශ 3ක ජන­තා­වට වහාම ඉව­ත්වන ලෙස නියෝග නිකුත් කැර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. පන­ස්ද­හ­ස­කට ආසන්න ජන­තාව පදිංචි වී සිටින එම ප්‍රදේ­ශ­ව­ලට හදිසි ගංව­තුර තත්ත්ව­යක් හට­ගනු ඇතැයි අමෙ­රි­කාවේ ජාතික කාල­ගුණ විද්‍යා සේවය අන­තුරු අඟවා ඇතැයි ද වාර්තා වේ. ගංව­තු­රෙන් ආප­දා­වට පත්වූ­වන් මුදා ගැනීම සඳහා වොෂි­න්ටන් ජාතික ආර­ක්ෂක බළ­කායේ සෙබ­ළුන් ද යොදවා ඇති අතර, හෙලි­කො­ප්ටර් යානා දෙකක් ද එම ප්‍රදේ­ශයේ ගංව­තුර තත්ත්වය නිරී­ක්ෂ­ණ­යට කැඳවා ඇත.