Impartial news reporting for a stronger democratic society
වෙනි­සි­යු­ලාවට එරෙහිව  හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙළේ අමෙ­රිකානු විරෝධී රට­වල් සමඟ පවත්නා ගණු දෙනු නිසායි –  අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ

වෙනි­සි­යු­ලාවට එරෙහිව සිය හමුදාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ එක් අරමුණක් වූයේ රුසියාව – චීනය ඇතුළු අමෙ­රිකානු විරෝධී රට­වල් සමඟ පවත්නා  සබධතාවය නිසා යැයි අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර ඇතැයි ඔස්ට්‍රේ­ලි­යාවේ ABC  පුවත් සේවය  සඳහාන් කැර ඇත.

තෙල් කර්මා­න්තය පදනම් කැර ගනිමින් සිදු කරන ආයෝ­ජන මැඬ පැවැ­ත්වීම, සිය හමුදා මෙහෙ­යුමේ එක් අර­මු­ණක් වූ බවත්, අමෙ­රි­කානු විරෝ­ධීන්ට සහ ප්‍රති­වා­දීන්ට වෙනි­සි­යු­ලාව ඇතුළු ලතින් අමෙ­රි­කානු රට­වල්වල මෙහෙ­යුම් කඳ­වු­රු  පවත්වාගෙන යෑමට  අමෙ­රි­කාව ඉඩ නොත­බන බවද රාජ්‍ය ලේක­ම්ව­රයා සඳ­හන් කැර ඇතැයි ABC පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

වෙනි­සි­යු­ලාවේ , තෙල්ව­ලින් වාර්ෂි­කව 80% කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් චීනය මිලදී ගන්නා බව සඳහාන්ය. ඒ අනුව චීනය, වෙනිසියුලාවේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවා බව අනාවරණය වී ඇත.

 ඉදිරි මාස 18ක කාල­සී­මා­ව­කට වෙනි­සි­යු­ලාවේ තෙල් වෙළෙ­ඳාම අමෙ­රි­කාව  පාල­නය කරනු ලබන බවට පසු­ගි­යදා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇති අතර, චීන­යට ද  අඛ­ණ්ඩව තෙල් අලෙ­විය සිදු කරන බව  ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp