Impartial news reporting for a stronger democratic society
වෙනිසියුලාවට අමෙරිකානු ප්‍රහාර මාලාවක් ! බෝම්බ දමා ජනපති මදුරෝ සහ බිරිය අල්ලා ගත් බව ට්‍රම්ප් කියයි

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිය ‘ මහා පරිමාණ ප්‍රහාරයකින් ‘  පසු අල්ලා ගත්’ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කැර ඇත.

එම නිවේදනයේ  සඳහාන්ව ඇත්තේ “අමෙරිකා එක්සත් ජනපදය, වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව සිදු කළ  අතර, ඔහු සහ ඔහුගේ බිරිය අල්ලාගෙන රටින් පිටතට රැගෙන ගිය බවයි.”

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බලකාය කළ මෙහෙයුමකින් පසු  අල්ලා ගත් බව අමෙරිකාවේ සිටින Cyber World Press නියෝජිතවරයාට CBS ප්‍රවෘත්ති සේවයේ  ප්‍රකාශකවරයකු පවසා ඇත.

ඩෙල්ටා බලකාය යනු අමෙරිකානු හමුදාවේ ඉහළම ත්‍රස්ත මර්දන ඒකකය බවත්,

වෙනිසියුලාවේ හමුදා මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට මෙම ඒකකයට  ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කැර ඇත.

අද අලුයම වෙනිසියුලාවේ, කරාකස් අගනුවර පිපිරීම් කිහිපයක් සිදු වු බවත් අගනුවරින් දුම් නගින අයුරු දක්නට ලැබුණු බව Cyber World Press නියෝජිතවරයා පවසයි .

වෙනිසියුලාව උප ජනාධිපතිවරිය මේ වන විට ජාතික හදිසි  තත්ත්වයක් ප්‍රකාශයට පත් කැර ඇති අතර සිය රට, එක්සත් ජනපද හමුදාවේ ආක්‍රමණය ප්‍රතික්ෂේප කරන බවත්, එය හෙළා දකින බවත්  උප ජනාධිපතිවරිය  ප්‍රකාශ කැර ඇත.

ධවල මන්දිරය සහ පෙන්ටගනය තවමත් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති අතර .

ප්‍රහාරවලට ලක් වූ ස්ථාන අතර කරාකස් මධ්‍යයේ පිහිටි හමුදා ගුවන් තොටුපොළක් ද , ලා කාලෝටා සහ ෆුවර්ටේ ටියුනාහි ප්‍රධාන හමුදා කඳවුරු ද ඇතුළත් වේ.

කරාකස් අවට ප්‍රදේශ කිහිපයකට මේ වන විදුලිය විසන්ධි වී ඇති බවත්,පිපිරීම් සහ හෙලිකොප්ටර් යානා ඉහළින් පියාසර කරන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වන බව බව Cyber World Press නියෝජිතවරයා  පවසයි.

මෙම ප්‍රහාරයන් සිදුවන්නේ අමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර ආතතිය උත්සන්න වෙමින් පවතින මොහොතකය.අමෙරිකාව මීට පෙර මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකකරන කැරිබියන් දූපත්වල බෝට්ටුවලට ප්‍රහාර මාලාවක් එල්ල කැර තිබිණි.

පසුගිය සඳුදා ට්‍රම්ප් පැවසුවේ, වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ප්‍රවාහන බෝට්ටුවලට සම්බන්ධ ප්‍රදේශයකට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කළ බවත්, එමගින් “දැවැන්ත පිපිරීමක්” ඇති වූ බවත් ය.

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ තම රටේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමට එක්සත් ජනපදය බලපෑම් කරන බවට චෝදනා කැර තිබිණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp