Impartial news reporting for a stronger democratic society
විල්ග­මුවේ කාබ­නික පොහොර සමා­ග­මක කළමනාකරු ගොවීන්ගේ මුදල් කෝටි ගණ­නින් වංචා කරලා

කාබ­නික පොහොර සහ ගැඩ­විල් පණු පොහොර ව්‍යාපෘ­ති­යක් හරහා ප්‍රති­ලාභ දෙන බව පවසා මුදල් වංචා කළ කළ­ම­නා­ක­රු­වකු, එම ආය­ත­නයේ බඩු භාණ්ඩ හොර රහසේ රැගෙන යෑමට පැමිණි අව­ස්ථාවේ විල්ග­මුව ගම්වා­සීන් කළ දැනුම් දීම­කට අනුව විල්ග­මුව පොලී­සි­යෙන් ඔහු පෙරේදා (25) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මේ වංචා­කාර සමා­ගමේ හිමි­කරු කෝටි ගණ­නක් මුදල් වංචා කැර මේ වන විට ප්‍රදේ­ශ­යෙන් පළා ගොස් ඇත.

කාබ­නික පොහොර සමා­ගමේ කළ­ම­නා­කා­රී­ත්වය ගම්වා­සීන් රවටා කෝටි ගණ­නින් මුදල් වංචා කර ප්‍රදේ­ශ­යෙන් පළා ගොස් සිටින බවත්, ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන නීතියේ හමු­වට ඉදි­රි­පත් නොක­රන බව පව­ස­මින් ගම්වා­සීන් පිරි­සක් එම ආය­ත­නය ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක ද නිරත විය.

අදාළ සමා­ගම කාබ­නික පොහොර හා ගැඩ­විල් පණු පොහොර ව්‍යාපෘ­ති­යක් විල්ග­මුව ප්‍රදේ­ශයේ ආරම්භ කර­මින් ජන­තා­වට දැනුම් දී ඇත්තේ ලක්ෂ 03 සිට ලක්ෂ 12 දක්වා මුද­ලක් තම සමා­ගමේ ආයෝ­ජ­නය කරන ලෙසයි. සමා­ගම ප්‍රදේ­ශ­වා­සීන්ට දැනුම් දී ඇත්තේ ගෙවත්තේ කාබ­නික පොහොර ටැංකි ඉදි­කර ගන්නා ලෙසත්, මාස තුනෙන් තුනට ලක්ෂ 02 බැගින් එම කාබ­නික පොහොර වස­ර­කට අවස්ථා 04කදී සමා­ග­මට මිලදී ගැනී­මට කට­යුතු කරන බවත්ය. ඒ අනුව බොහෝ ගොවීන් මේ සමා­ගම සමඟ විල්ග­මුව ප්‍රදේ­ශයේ නීති­ඥ­ව­රි­යක හමුවේ ද ගිවි­සුම් ගත වෙමින් ලක්ෂ ගණ­නින් මුදල් ආයෝ­ජ­නය කැර ඇත.

සමා­ගම ඉහත ආකා­ර­යට නීති­ඥ­යන් ඉදි­රියේ ගිවි­සුම් ගත වුවත්, එක් අව­ස්ථා­ව­කදී ගොවීන් කිහිප දෙන­කු­ගෙන් පම­ණක් පොහොර මිලදී ගෙන පසුව මේ සමා­ගමේ හිමි­ක­රු­වන් ප්‍රදේ­ශ­යෙන් අතු­රු­දන් වී ඇති බවට සිද්ධි­යට මුහුණ දුන් ගොවීහු පව­සති.

මේ ආකා­ර­යෙන් හස­ලක, මොර­යාය, මිණිපේ, විල්ග­මුව, හෙට්ටි­පොළ, ගිරා­ඳු­රු­කෝට්ටේ, දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය ආදී ප්‍රදේශ රැසක ගොවීන් 300කට අධික පිරි­සක් මේ වංචා­වට හසුවී මේ වන විට ලක්ෂ ගණ­නින් මුදල් අහිමි කර­ගෙන ඇත. ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක හිමි­න­මක් ද ලක්ෂ තුනක මුද­ලක් මේ සමා­ගමේ ආයෝ­ජ­නය කැර මුදල් අහිමි කර­ගෙන ඇති බව පැවසේ.

මෙවන් පසු­බි­මක සමා­ගමේ හිමි­ක­රු­වන් හමු­වී­මට ගම්වා­සීන් කොතෙක් උත්සාහ ගත්ත ද එයින් පළක් නොවූ තැන ඔවුන් විල්ග­මුව පොලී­සියේ මේ සම්බ­න්ධව පැමි­ණි­ල්ලක් ද ගොනු කැර කරනු ලැබ ඇත.

තමන්ගේ කන­කර, රත්ත­රන් බඩු උකස් කර මුදල් ගෙවූ ජන­තාව හඬා වැටෙ­මින් පවසා සිටින්නේ රත්ත­රන් බඩු­ව­ලට පොලී ගෙවන්න සිදුවී ඇති බවත්, මුදල් ආයෝ­ජ­න­යෙන් කිසිදු ප්‍රති­ලා­භ­යක් තමන්ට නොලැබූ බවත්, වංචා­කාරි පිරි­ස­කට තමන් හසු වු බවත්, ණයට ගත් මුද­ල්ව­ලට තමන්ට මේ වන විට පොලී ගෙවන්න සිදුවී ඇති බවත්ය.

තත්ත්වය මෙසේ තිබි­යදී එම සමා­ගමේ සිටි ප්‍රදේ­ශ­යේම පදිංචි එක් කළ­ම­නා­කා­ර­ව­ර­යකු එම සමා­ග­මට අයත් කාර්යා­ලයේ ඇති බඩු භාණ්ඩ සහ උප­ක­රණ හොර රහසේ ගෙන යෑමට තැත් කිරී­මේදී පෙරේදා (25) මේ ගොවි මහ­ත්ව­රුන් රැසක් එක් වී එම පුද්ග­ලයා පොලී­සි­යට භාර දීමට කට­යුතු කරනු ලැබීය. මේ වංචාව සම්බ­න්ධ­යෙන් පොලී­සියේ පැමි­ණිලි සිදු කැර තිබි­යදී නීතිය ක්‍රියා­ත්මක නොවීම පිළි­බඳ ගොවීන්ගේ විරෝ­ධ­තා­වක් ද පොලී­සිය වෙත එල්ල විය.

නීතිය කඩි­න­මින් ක්‍රියා­ත්මක කර වංච­නි­ක­යන් කඩි­න­මින් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස පව­ස­මින් ගොවීහු මේ ස්ථාන­යේදී විරෝ­ධ­තා­වක ද නිරත වූහ.

අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා විල්ග­මුව පොලී­සිය විසින් නාඋල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි. විල්ග­මුව පොලී­සි­යෙන් වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු කෙරේ.

 (දිනමිණ ඇසුරෙන්- මාපා­ක­ඩ­වැව සමූහ – එච්.එම්. රංජිත් කරු­ණා­වීර)

Follow by Email
LinkedIn
Share
WhatsApp