Impartial news reporting for a stronger democratic society
විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්න චීනයෙන් පියවර 15ක් !

චීනය විදේශ ආයෝජනවල ස්ථාවරත්වය තහවුරු කොට ප්‍රශස්තකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නිකුත් කැර තිබේ.

චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු දෙපාර්තමේන්තු ඊයේ(22) එය නිකුත් කරන ලදී.

විදේශ ආයෝජන චීන වෙළෙඳ පොළට ප්‍රවේශ වීම පුළුල් කිරීම, චීනය තුළ විදේශ ආයෝජන පහසුව වැඩිදියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධන මට්ටම ඉහළ නංවාලීම, විදේශ ආයෝජන සඳහා සේවා හා සහතික පද්ධතිය පරිසමාප්ත කිරීම සහ විදේශ ආයෝජන කළමනාකරණය ප්‍රශස්ත කිරීම යන අංශ පහ කෙරෙහි අවධානය යොමු කරමින් පියවර 15ක් එහිදී යෝජනා කෙරිණ.

සේවා, මූල්‍ය, වෛද්‍ය හා ඖෂධ කර්මාන්තවල වෙළෙඳ පොළ ප්‍රවේශය පුළුල් කිරීම කෙරෙහි මෙම සැලැස්ම අවධානය යොමු කරයි. වෘත්තීය කුසලතා පුහුණු ආයතන, ඉංජිනේරු විද්‍යාව, කෘෂිකර්මාන්තය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂිත වූ ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලවල විදේශීය ආයතන ස්ථීර හා පුළුල් ලෙස විවෘත කිරීමට එහි යෝජනා කර ඇත

විදේශීය ආයතනවල මූල්‍ය අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීමට මෙම සැලැස්ම සහාය වෙයි. නීතියට අනුකූලව අරමුදල්, ආයෝජන, උපදේශන, ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා විදේශීය ආයතනවලට ද එය අනුබලයක් දෙයි.

ප්‍රධාන ගැලුව විසඳීම සඳහාත්, විදේශීය ව්‍යාපාරවල ආයෝජන පහසුව වැඩිදියුණු කිරීමටත් චීනය උත්සාහ කරන බව එම සැලැස්මේ සඳහන් වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp