Impartial news reporting for a stronger democratic society
වසර 50කට පසු අමෙරිකාව සඳ තරණයට සූදානමක් !

1972 වසරින් පසුව මිනිසුන් සඳවෙත ගෙන යෑමට නියමිත නාසා ආයතනයේ ‘ARTEMIS – II’ මෙහෙයුම මාර්තු 6වැනිදා දියත් කිරීමට නියමිතය.

අදාළ මෙහෙයුම දියත් කිරීමට මීට පෙර සැලසුම් කැර තිබූ දිනයට සති කිහිපයකට පසුව මෙම තීරණය ගැනීම සුවිශේෂී වෙයි.

ඒ අනුව මෙහෙයුම සඳහා යොදාගන්නා රොකට්ටුව අමෙරිකාවේ ෆ්ලොරීඩා හි රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා ඇති අතර, ඊට අවශ්‍ය දහන ඉන්ධන පිරවීමේ දෙවැනි පරීක්ෂණ වටය ඊයේ (20) පැවැත්විණි.

මීට පෙර ඉන්ධන පිරවීමේදී හඳුනාගත් දෝෂ හේතුවෙන් මෙලෙස දෙවැනි පරීක්ෂණ වටයක් පැවැත්වීමට නාසා ආයතනයට සිදුව ඇත.

මෙම රොකට්ටුවට ඉන්ධන ගැලුම් 730,000ක ප්‍රමාණයක් පිරවිය හැකි බව සඳහාන් වේ.

ARTEMIS – II මෙහෙයුම මගින් ගගනගාමීන් සිව් දෙනෙකු සඳවටා ගමන් කැර ආපසු පැමිණීමට නියමිතව තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp