
වසර 1500ක් පමණ පැරණි ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ විහාරස්ථානයක් පසුගිය බදාදා (12) ගිනිගෙන විනාශ වී ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය කරයි.
එම දේව මාළිගයේ තෙමහල් ලී වෙන්චැං මණ්ඩපයෙන් පෙ.ව. 11.24ට පමණ මෙම ගින්න හටගෙන ඇත.
මෙලෙස විනාශ වී ඇත්තේ ෂැංජියාගෑංහි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන් අනතුරුව මණ්ඩපයේ කොන්ක්‍රීට් රාමුව පමණක් ඉතිරිව සියල්ල විනාශ වී ගොස් ඇත.
කෙසේ නමුත් මෙම සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුව නොමැති අතර, චීන බලධාරීන් ගින්නට හේතුව විමර්ශනය කරමින් සිටි.
වසර 1500ක ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය 536 දී දකුණු ලියැං රාජවංශය ෆෙන්ගුවාං කන්දේ ඉදිකරන ලද්දකි.
යුවාන් රාජවංශයට අයත් ෂි නායියන්ගේ ආරාමය වූ වෙන්චැං මණ්ඩපයේ දී චීන සාහිත්‍යයේ විශිෂ්ට කෘති හතරෙන් එකක් ලෙස සැලකෙන ‘වෝටර් මාජින්’ රචනා කැර ඇති බව සඳහන් වේ.
මෙම විහාරස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා 1958 වසරේ දී එවක බලධාරීන් නෙරපා හැර ඇති අතර, ඉන් අනතුරුව මෙහි වර්තමාන මණ්ඩපය 1993 දී ප්‍රතිසංස්කරණය කැර තිබේ.
