ඉතියෝපියාවේ ඩැනාකිල් කලාපයේ පිහිටා ඇති හේලි ගුබ්බි ගිනිකන්ද ඉතිහාසයේ පළමුවතාවට සක්‍රිය වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
වසර දසදහසකට වඩා පැරැණි බවට සැලකෙන ගුබ්බි ගිනිකන්ද දීර්ඝ ඉතිහාසය පුරා සක්‍රිය වීමේ සිදුවීමක් ගැන සඳහාන් වී නැති බැවින් එය නිද්‍රාශීලී ගිනිකන්ද ලෙස ද හඳුන්වනු ලබන අතර, ඊයේ උදෑසන සිදුවූ මේ අනපේක්ෂිත සහ විමතිය දනවන සුළු පිපිරීමෙන් කිලෝමීටර් 15ක් ඉහළ අහසේ රතු මුහුදට ඔබ්බෙන් ඕමානය සහ යේමනය දෙසට අළු විසිරී ගිය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි.
නිරිතදිග ආසියානු කලාපය දෙසට අළු විසිරී යෑම හේතුවෙන් එම කලාපයේ පියාසර කරන ගුවන්යානාවලට ද අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කැර ඇති අතර, ඊයේ පස්වරුව වනවිට අළු විසිරීම අඩු මට්ටමක පැවැති බවද සඳහාන්ය.
ඉතියෝපියාවේ ඩැනාකිල් කලාපයේ පිහිටා ඇති හේලි ගුබ්බි ගිනිකන්ද ඉතිහාසයේ පළමුවතාවට සක්‍රිය වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
වසර දසදහසකට වඩා පැරැණි බවට සැලකෙන ගුබ්බි ගිනිකන්ද දීර්ඝ ඉතිහාසය පුරා සක්‍රිය වීමේ සිදුවීමක් ගැන සඳහාන් වී නැති බැවින් එය නිද්‍රාශීලී ගිනිකන්ද ලෙස ද හඳුන්වනු ලබන අතර, ඊයේ උදෑසන සිදුවූ මේ අනපේක්ෂිත සහ විමතිය දනවන සුළු පිපිරීමෙන් කිලෝමීටර් 15ක් ඉහළ අහසේ රතු මුහුදට ඔබ්බෙන් ඕමානය සහ යේමනය දෙසට අළු විසිරී ගිය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි.
නිරිතදිග ආසියානු කලාපය දෙසට අළු විසිරී යෑම හේතුවෙන් එම කලාපයේ පියාසර කරන ගුවන්යානාවලට ද අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කැර ඇති අතර, ඊයේ පස්වරුව වනවිට අළු විසිරීම අඩු මට්ටමක පැවැති බවද සඳහාන්ය.( දිනමිණ ඇසුරෙන්)