
වව්නියාව,නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳ සලක් අද (25) උදැසන ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ගොස් තිබේ.
වව්නියාව පොලිසිය පැවසූවේ ප්‍රසිද්ධ සන්නාමයක් සහිත ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් එලෙස ගිනිගෙන විනාශ වි ඇති බවයි.
වව්නියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය,වවුනියාව පොලිස් නිලධාරීන්,යුධ හමුදා නිලධාරීන් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර,සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි
