Impartial news reporting for a stronger democratic society
වරාය නගරයේ මහල් නිවාස අලෙවිය සඳහා  අනවසර වෙළෙඳ දැන්වීම්  පළ කිරීම වහාම නතර කරන්න — දේපොළ සංවර්ධන සමාගම් 2කට COPFනියෝග කරයි

පාර්ලිමේන්තුවේ නියමිත අනුමැතියක් ලබා නොගෙන  කොළඹ වාරාය නගරයේ ඉදිවෙන  මහල් නිවාස අලෙවි  කිරීම සඳහා පුවත්පත් දැන්වීම්  පළ නොකරන ලෙස ප්‍රධාන දේපොළ සංවර්ධන සමාගම් දෙකකට රාජ්‍ය මූල්‍ය කමිටුව (COPF)  නියෝග කැර තිබේ.

COPF සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  පසුගිය  දා  (17) පාර්ලිමේන්තුවේ දී මෙම බව පැවසීය.

පාර්ලිමේන්තුවට පවරා ඇති බලය කිසිදු කොමිසමකට පැවරීම ට හෝ උපකල්පනය කිරීමට නොහැකි.

අදාළ සමාගම් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීති යටතේ ස්ථාපිත කරන ලද විශේෂ ආර්ථික කලාපයක් වන කොළඹ වරාය නගරයේ මහල් නිවාස ප්‍රචාරණය කරමින් සිටනවා.වරාය නගර කොමිසම් කලාපය තුළ මෙහෙයුම් අධීක්ෂණය කරනවා. එය පාර්ලිමේන්තුවෙන් එහි අධිකාරිය ලබා ගන්නා  බැවින් එයට යටත්ව පවතින බව ද සිල්වා  මහතා පැවසීය.

වරාය නගරය පාලනය කරන නීති පාර්ලිමේන්තුව විසින් පනවනවා. වරාය නගර කොමිසමට පාර්ලිමේන්තුවේ බලතළ භාර ගත නොහැකි. දැන්වීම් පළ කිරීම නවත්වන ලෙස අපි දැනටමත් එම සමාගම්වලට උපදෙස් දී තිබෙනවා. පාර්ලිමේන්තු අධිකාරිය කොමිෂන් සභාවලට පවරා ගත නොහැකි බව ඔහු වැඩි දුරටත්  ඔහු පැවසීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp