Impartial news reporting for a stronger democratic society
වත්මන් ලෝකය දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා — පාප්වහන්සේ ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව අමතමින් කියති

මේ වන විට වර්ධනය  වී ඇති යුද ගැටුම් හේතුවෙන් වත්මන් ලෝකය දැඩි ආධ්‍යාත්මික හා සංස්කෘතික අර්බුදයකට මුහුණ දී සිටින බව අතිඋතුම් ලියෝ පාප්වහන්සේ පවසයි.

ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියේ මෑත ඉතිහාසයේ වඩාත්ම බලගතු දේශපාලන ප්‍රකාශයක් සිදුකරමින් වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම යුරෝපා රටවල් සිය මිලිටරි වියදම් ඉහළ නැංවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරන පාප්වහන්සේ, එම මුදල් ලොව පුරා පවතින යුද්ධ අවසන් කිරීමට සහ අවතැන් වූ සංක්‍රමණිකයන්ට සහන සැලසීම සඳහා යොදවන ලෙස දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කර සිටී.

ආයුධ මගින් තාවකාලික නිශ්ශබ්දතාවයක් ඇති කළ හැකි වුවද ඉන් කිසිසේත්ම සැබෑ සහ ස්ථිරසාර සාමයක් ගොඩනැගිය නොහැකි බව පාප්වහන්සේ මෙහිදී අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින සටන්විරාම ගිවිසුම් බිඳදමමින් දෙපාර්ශවයම නැවතත් ප්‍රහාර එල්ල කරගන්නා පසුබිමක උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබීමද විශේෂත්වයකි.

Follow by Email
LinkedIn
Share
WhatsApp