Impartial news reporting for a stronger democratic society
ලෝක ආහාර අර්බුදයක් අත ළඟ ? – මහාචාර්ය බුද්ධි මාරඹේ

ගෝලීය පොහොර අවශ්‍යතාවෙන් 35%ක් පමණ ප්‍රවාහණය කරන්නේ හෝමූස් සමුද්‍රසන්ධිය හරහා වන අතර, මීට අමතරව යූරියා ඇතුළු නයිට්‍රිජන් පොහොර සම්බන්ධ ප්‍රවාහන කටයුතුවලින් 35%ක් පමණ සිදුවන්නේ ද හෝමූස් සමුද්‍රසන්ධිය හරහා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසීය.
ඔහු මෙම අදහස් පළ කෙළේ Advocate Plus YouTube නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
මෙම තත්ත්වය මත තෙල්, ගෑස් පමණක් නොව සමස්ත ආහාර පද්ධතියට ම බලපෑමක් සිදු විය හැකි යැයි ද හෙතෙම අවධාරණය කෙළේය.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ – දිල්මිණි අබේරත්න විසිනි.


Follow by Email
LinkedIn
Share
WhatsApp