Impartial news reporting for a stronger democratic society
ලොව හොඳම චෙස් ක්‍රීඩිකාවන් 100 දෙනා අතරට ශ්‍රී ලංකාවේ දේවින්ද්‍යා පත් වෙයි

වර්තමාන ලෝක ශ්‍රේණිගත කිරීම්වලට  අනුව (FIDE Ratings ) ඔෂිනි ගුණවර්ධන ලෝකයේ හොදම චෙස් ක්‍රීඩිකාවන් 100 දෙනා අතරට පැමිණ තිබේ.

ඇය මේ වන විට 14 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩිකාවක් වන අතර, එම ශ්‍රේණිගත කිරීම්වල පලමු 100 දෙනා අතර සිටින ලාබාලතම ක්‍රීඩිකාව වන්නේද ඕෂිනි ගුණවර්ධන වීම විශේෂයත්වයකි. ඇය මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් (FIDE Ratings) ලකුණු 2347 ලබාගෙන ලෝකයේ 96 වැනි ස්ථානයේ පසුවේ. ඇය වයස අවුරුදු 20 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාව ලෙස ලෝකයේ හොදම දහතුන්වැනි චෙස් ක්‍රීඩිකාව ලෙසද වාර්තා පොත් අතරට පැමිණ ඇත.

 2023 වසරේ දී ඔෂිනි වයස අවුරුදු 12 න් පහළ කාන්තා World Cadet Chess Championship ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ලාබාලතම කාන්තා ජාතික චෙස් ශූරිය ද  වන්නේ ඔෂිනි ගුණවර්ධන ලෙස වාර්තා පොත් අතරට එකතු වී සිටී.  ඔෂිනි ගුණවර්ධන රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයෙන් මුලික අධ්‍යපනය හදාරා ඇති අතර මේ වන විට ඇය කොළඹ Wycherley ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබයි. මේ වන විට ඔෂිනි ගුණවර්ධන ශ්‍රී ලංකාවේ විවෘත පිරිමි සහ කාන්තා අංශ ශ්‍රේණිගත කිරීම්වල  තෙවැනි ස්ථානයේ ද පසුවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ස්තානයේ පසුවෙන්නේ එල්. එම්. එස්. ඩී. සිල්වා (FIDE Ratings 2409) දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ එල්.එම්.එස්.ටී දිල්ශාන් (FIDE Ratings 2429) එහි තෙවැනි ස්ථානයේ පසුවෙන්නේ දේවින්ද්‍යා ඕෂිනී ගුණවර්ධන (FIDE Ratings 2347) වේ. ඇයගේ වර්තමාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ අකිල කාවින්ද මහතා ය. 

සටහන- සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp