
මැදපෙරදිග යුද අර්බුදය හේතු කොට ගෙන ලොව පුරා ආහාර මිල ඉහළ යෑමට හේතු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංව්ධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ අනතුරු ඇඟවා ඇතියි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ගෝලීය පොහොර වෙළෙඳාමෙන් 30%ක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ප්‍රවාහනය කරන බවත්, ඉරාන හමුදාව එම මුහුදු තීරය අවහිර කිරීම හේතුවෙන් ලොව පුරා කෘෂිකාර්මික වියදම් සහ ආහාර මිල ඉහළ යනු ඇති බවත් ඔහු ප්‍රකාශ කැර තිබේ.

මෙය සැලකිය යුතු බරපතළ තත්ත්වයක් බව අවධාරණය කර ඇති ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ විකල්ප මාර්ග සොයා ගැනීමට උත්සාහ කළ යුතු බව ද සඳහන් කැර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් සිදුවන නිෂ්පාදන කප්පාදුව සහ ප්‍රවාහන බාධාවන් හේතුවෙන් මාසයකට පොහොර නැව්ගත කිරීම ටොන් මිලියන 3 සිට 4 දක්වා ප්‍රමාණයක් අවහිර වී ඇති බවත්, ඉරානය, සෞදි අරාබිය සහ ඕමානය ඇතුළු පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් යූරියා, ඇමෝනියා සහ නයිට්රජන් අපනයනය කරන ලොව ප්‍රමුඛතම රටවල් බවත් සඳහාන් වේ. එම කලාපයේ රටවලින් ගෝලීය වශයෙන් යූරියා 35%ක් සහ ඇමෝනියා 30%ක් දක්වා ප්‍රමාණයක් අපනයනය කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංව්ධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.
