
වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ G0711 වැනි Urumqi-Yuli අධිවේගී මාර්ගය අද (26) විවෘත කෙරිණි.
එම අධිවේගී මාර්ගය කිලෝමීටර් 324.7 ක දුරකින් යුතු වන අතර එය ද්වි-මාර්ග මංතීරු හතරේ අධිවේගී මාර්ග ප්‍රමිතියට අනුව ඉදි කර ඇත.

Urumqi-Yuli අධිවේගී මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ ගුවන් පාලම් 12ක්, උමග 17ක් සහ පාලම් හා බෝක්කු සිය ගණනක් ඇත. ඒ අතර, ‘Tianshan- Shengli’ උමග ව්‍යාපෘතිය ලොව දිගම අධිවේගී මාර්ග උමග සහ ලොව ගැඹුරුම අධිවේගී මාර්ග පතුල යන ලෝක වාර්තා දෙකක් නිර්මාණය කැර ඇත.
එම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු Urumqi සිට Korla දක්වා ධාවන කාලය පැය 7 සිට පැය 3.5 දක්වා අඩු වනු ඇත
