Impartial news reporting for a stronger democratic society
ලොවම මවිත කළ දරු උපතක් බ්‍රිතාන්‍යයෙන් : මිය ගිය තරුණියකගේ ගර්භාෂයෙන් පිරිමි දරුවකු මෙලොව එළිය දැකලා

උපතින්ම ගර්භාෂයක් පිහිටා නොතිබුණ තරුණියකට, මිය ගිය තරුණියකගේ ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසුව පළමුවරට පිරිමි දරුවකු මෙලොව එළිය දුටු බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

හියුගෝ පවෙල් නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ‘ක්වීන් චාලට් සහ චෙල්සි’ රෝහලේදී සිසේරියන් සැත්කමක් මඟින් මෙම දරුවා  උපත ලබා ඇත.

උපතේ දී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය විසින් සදහන් කැර තිබේ.

මෙම දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල්, උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙක් බව සදහන් වේ.

යොවුන් වියේදීම තමන්ට කිසිදා මවක් විය නොහැකි බව ඇය දැනගත් බවත්, එදින රෝහලේදී හඬා වැටුණු බවත් ඇය ඉතා සංවේදී ලෙස පවසා ඇත.

මෙම දරු උපත සඳහා ගර්භාෂය ලබා දී ඇත්තේ මියගිය තරුණියක් විසින් බව  අනාවරණය වෙයි.ඇයගේ ගර්භාෂයට අමතරව තවත් අවයව 5ක් පුද්ගලයන් සිව්දෙනෙකුට බද්ධ කැර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වී ඇති බව සඳහන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp