
ඉරාන විප්ලවීය හමුදාව ඊශ්‍රායලය වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි Cyber World Press වාර්තා කරයි.
පෙරේදා රාත්‍රියේ අඛණ්ඩව ඊශ්‍රායලයට එරෙහිව සිදු කළ ප්රහාරමාලාවට ප්‍රතිචාර ලෙස බටහිර සහ මධ්‍යම ඉරානය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කැර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ මුල් භාගයේදී ඉරාන රජය අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් සටන් විරාමයෙන් පසු දෙරට අතර යුද ගැටුම් සිදුවූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ(08) පෙරවරුවේ ඉරානයේ ඉහළම හමුදා අණදෙන මධ්‍යස්ථානය ප්‍රකාශ කැර ඇත්තේ ඊශ්‍රායලට පහරදීම අත්හිටුවූ බවයි. එහෙත් දකුණු ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව තවදුරටත් යුද මෙහෙයුම් සිදු කරන්නේ නම්, වඩාත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බවට නිවේදනය කැර තිබේ.
