
පේරාදෙණිය විශ්වවිද්‍යලයේ අරාබි හා ඉස්ලාමීය ශිෂ්ඨාචාර අධ්‍යායනාංශයේ
හිටපු ප්‍රධානී ආචාර්ය එස්. ඒ. ඉමාම් විසිනි.
—————————————————————————————-
මහාචාර්ය සෙයියිද් අක්තර් ඉමාම් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නාහි 1910 දී උපත ලැබීය. ඔහු ඉන්දියාවේ කීර්තිමත් පවුලකට අයත් කෙනෙකි. ඉන්දියාවේ සුප්‍රකට අලිගාර් විශ්වවිද්‍යලයේ මුල් උපාධිය ලබාගත් හෙතෙම ශාස්ත්‍රපති උපාධිය අවසන් කළ පසු ආචාර්ය (Ph. D) උපාධිය ලබා ගැනීම සඳහා ජර්මනියේ බොන් නුවරට ගියේය.
1944 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අරාබි අංශයේ මුල්ම ප්‍රධානියා හැටියට සේවයට බැඳීමෙන් පසු නුවර දී විවාහ වී එහිම පදිංචි විය.
1950 දී පාකිස්ථාන විදේශ සේවයට බැඳුණු මහාචාර්ය ඉමාම්, බග්ඩෑඩි, නයිරෝබී, බෙල්ජියම් සහ ජකර්තා වැනි බොහෝ අගනුවර වල සේවය කෙළේය. පේරාදේණිය විශ්වවිද්‍යාලයේ නැවත සේවයට පැමිණි ආචාර්ය ඉමාම්, එහි අරාබි මහාචාර්යවරයා බවට පත්විය. 1971 දී විශ්‍රාම යන තෙක් ඒ තනතුර දිගටම හෙබවිය.
පර්සියානු භාෂාව පිළිබඳ විශාරදයෙක් වූ මහාචාර්ය ඉමාම්, පර්සියානු සාහිතය්‍ය හා සංස්කෘතිය පිළිබඳව දැක්වූයේ ඉමහත් ඇල්මකි. ඉස්ලාමීය විප්ලවයට පෙරත් පසුවත් ඉරානයට ඔහු ගොස් ඇත.
ඔහුගේ ඵලදායි ජීවිත කාලයේ වසර තිහක් තරම් විශාල කොටසක් වැය කැර තිබෙන්නේ පර්සියානු භාෂා විෂය උගැන්වීම වර්ධනය සඳහාය. මේ කාලය තුළ පර්සියානු භාෂාව හා සාහිත්‍යය පිළිබඳ නොයකුත් ලිපි සකස් කළ අතර ඒවා, සඟරාවල හා වාර ප්‍රකාශනවල පළ කරන ලදි. පාකිස්ථානයේ සුප්‍රකට දාර්ශනික අල්ලාමා ඉක්බාල් ගේ කාව්‍යයන් හා දර්ශනය කෙරේ මහාචාර්යවරයා ඉහළින් පැහැදී සිටියේය.
ඉරානයේත්, ඉන්දීය අර්ධද්වීපයේත් සංස්කෘතික උරුමයන්හී සමානත්වයන් පිළිබඳ අධ්‍යනයට ඔහු නැඹුරුවක් දැක්වීය.
ඉරානය හා ඉන්දීය අර්ධද්වීපය අතර වූ භාෂාමය සම්බන්ධතා පිළිබඳව පාකිස්තානයේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ට ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ආරාධනය පරිදි මහාචාර්යවරයා සහභාගී විය. මෙය 1993 සැප්තැම්බර් මාසයේදීය.
“උර්දු භාෂා අභිවෘද්ධියේ දී පර්සියානු භාෂාවේ වැදගත්කම” ගැන පර්යේෂණාත්මක ලිපියක් එතුමා එහිදී ඉදිරිපත් කළේය. මහාචාර්යවරයාගේ අවසානතම ලිපිය වූයේ ද මෙයයි.
ඉස්ලාමාබාද් හී පැවැත්වුණු මෙම සමුළුව අවසන් වී ආපසු ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම ඥාතීන් බැහැදැකීමට කරච්චියට ගියේය. එහිදී 1993 ඔක්තෝම්බර් 02 වැනි දා මහාචාර්යවරයා අභාවප්‍රාප්ත විය. විශිෂ්ඨ ගණයේ උගතෙකුගේ සාරවත් ජීවිත කාලයක් මෙසේ නිමාවට පත්විය.
එවන් ශ්‍රේෂ්ඨ විශාරදයෙකු අහිමි වීම ශ්‍රී ලංකාවටත් ඉන්දීය අර්ධද්වීපයටත් නොමැකිය හැකි පාඩුවකි. මේ ලිපිය පළවෙන්නේ මහාචාර්ය ඉමාම්ට ප්‍රණාමය දැක්වීම් සඳහාය.
මධ්‍යකාලීන හා අතීත ලෝකය දෙස ආපසු හැරී බලන විට එම කාලයේ ජීවත් වු ජනතාව මුහුදෙන් වෙන්වී, කඳුවලින් බෙදී අඩුවැඩි වශයෙන් හුදකලා ඒකක වශයෙන් සිටි බව සිතන්නට අප නිතරම පෙළඹෙන්නෙමු. එහෙත් විසිඑක්වන සියවසේ අපි ප්‍රවාහන හා වෙනත් නවීන පහසුකම් වැනි පහසු මාධ්‍යයන් මඟින් මුළු ලෝකය සමඟ ම සම්බන්ධ වී සිටිමු.
එම තත්ත්වය සැබෑවක් වුවද අතීතයේ පැවැති එම හුදකලා බව පිළිබඳ අපගේ තක්සේරුවේ දී අපි පමණට වඩා ඈතට යන්නෙමු. පුරාණ ලෝකය එකට එක සම්බන්ධ වී තිබුණු අතර, ලොවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ප්‍රවෘත්ති වේගයෙන් ගමන් කෙළේය. මධ්‍යයම ආසියාව සහ අපගේ ආසියානු මහාද්වීපයේ දුහුවිල්ලෙන් වැසුණු මාර්ගවල නොයෙක් කොටස් පසු කොට ඇදී ගිය මහා සේද පාර එක්තරා ආකාරයක ජාත්‍යන්තර හැඟීමක් ඇති කොට තිබේ. එම ජාත්‍යන්තරවාදය යුරෝපයේ ද තිබී ඇත.
මෑතක් වන තෙක් විශ්වාස කරන ලද්දේ ක්‍රී.ව. 1492 දී කොලම්බස් අමෙරිකාව සොයා ගත් බවයි. එහෙත් මෙම ස්පාඤ්ඤ ජාතිකයාට ශත වර්ෂ ගණනාවකට පෙර නිර්භීත හා ඉවසිලිවන්ත මුහුදු කොල්ලකරුවන් අමෙරිකානු භූමියේ ගොඩබැස ඇති බව දැන් පිළිගැණේ.
ක්‍රි.ව. පහළොස්වැනි ශත වර්ෂයේ අවසාන භාගයේදී සුබපැතුම් තුඩුව වටා යාත්‍රා කිරීම සම්බන්ධයෙන් වස්කෝ ද ගාමාට සම්මාන පුද කෙරේ. මෙම විශිෂ්ඨ වීර ක්‍රියාව කළ පළමු යාත්‍රිකයා වශයෙන්ද ඔහු අගය කෙරේ. එහෙත් නූතන පර්යේෂකයන් කියන අන්දමට ෆීනීසියානු යාත්‍රා කණ්ඩායමක් ක්‍රි. පූ. හත්වැනි ශතවර්ෂයේදී අප්‍රිකාව වටා යාත්‍රා කොට ඇති බව කියැවේ. ක්‍රී.පූ. 1500 දී පමණ දියුණුව පැවැති ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය මෙසපොතෙමියාව සමඟ සම්බන්ධකම් පැවැත්වීම මෙම කාරණයේදී වැදගත් වේ.
ලංකා – ඉරාන සබඳතා පුරාණ කාලය දක්වා දිවෙන්නකි. ලංකාව ජාත්‍යන්තර ජල මාර්ගවල සන්ධිස්ථානයක පිහිටා ඇත.
මෙම ප්‍රයෝජන වත් භූගෝලීය පිහිටීම නිසා ඉතිහාසයේ ආරම්භයේ සිටම එය මුහුදු මාර්ගවල කේන්ද්‍රීය ස්ථානයක් වශයෙන් වැදගත් කාර්ය භාරයක් ඉටු කොට ඇත.
එහි (ලංකාවේ) පිහිටීම මධ්‍යයේය. එම දිවයින “ඉන්දියාව, පර්සියාව සහ එතියෝපියාව ආදී රටවල සෑම පෙදෙසකින්ම එන නැව්වලට විශාල නවාතැන්පලක් විය.” යනුවෙන් හයවැනි සියවසේ ආරම්භයේදී කොස්මස් ඉන්ඩිකොප්ලස්ටස් අපට පවසයි.
“වෙළෙදාමේ යෙදී සිටියදී හෝ තානාපති සබඳතා නිසා හෝ ලංකාවට ගිය ඔවුන්ගේ ගමන්වලදී අපට හමු වූ විදේශීය කාසි අතර පර්සියාවේ බිලි කොකු වැනි කාසිවල රිදී ලැරීන් කාසි පර්සියානු බොක්කේ ඔර්මුස්හි රන් දේවරූප කාසි ද වේ.” යන කාරණයෙන්ද ඉරානය සමඟ වූ මෙම සබඳතාව ඔප්පු වේ. “පර්සියාවෙන් පත්කරන ලද දේවස්ථාන නිලධාරියකු සමඟ මෙහි පදිංචි වූ පර්සියානු ක්‍රිස්තියානි දේවස්ථානයක් හය වැනි සියවසේ දී ලංකාවේ තිබුණු” බව කොස්මස් ඉන්සිකොප්ලස්ටස් වැඩි දුරටත් පවසයි.
පර්සියානු වෙළෙන්දන්ගේ නාවික කටයුතු හා බටහිර සහ නිරිත දිග ඉන්දියාවේ වෙළෙඳ මධ්‍යස්ථාන සමඟ ඇති කැර ගන්නා ලද සබඳතා මගින් ඔවුහු ලංකාවටද ඇදී ගියහ. ඔවුන් අරාබි යාත්‍රිකයින් එන්නට බොහෝ කලකට පෙර ආසියාවේ මෙම කොටසේ වෙළෙදාම අල්ලා ගෙන සිටියේ යැයි විස්වාස කිරීමට සෑම හැකියාවක්ම ඇත.
අරාබීන් විසින් සාධාරණ අනුෂිර්වාන් වූ (ක්‍රි.ව. 531-78) යනුවෙන් දැන සිටි බුස්රාව් නම් ඉරාන අධිරාජයා ඉගෙනීමට සැබෑ කැමැත්තක් දැක්වීය. ජුන්ඩිෂපුර් හි සුප්‍රකට විශ්වවිද්‍යලය ආරම්භ කොට ස්වභාවික විද්‍යාවන් ගේ ප්‍රගතිය ට දිරිදුන්නේ ඔහුය.
තම පරිවාර සේනා සමඟ මෙම සුප්‍රකට සසානියන් අධිරාජයාගේ මාළිගයට පැමිණි ආසියානු හා බයිසන්තියානු රජවරුන් අතර වටිනා ත්‍යාග සමග පැමිණි සරන්ඩිබ්හි රජු ද වී යැයි ඉතිහාසඥ ඉබ්න් මිස්කවයිහ් (ක්‍රි.ව. 1029 දී මියගිය) අපට පවසයි. අල්-බිරූනිද (ක්‍රි.ව.1048 මියගිය) ඇතුන් දස දෙනෙකු තේක්ක ලී කඳන් දෙලක්ෂයක් හා (මුතු) කිමිදුම් කරුවන් හත් දෙනෙකු සමග සරන්ඩිහි රජු අනුෂර්වාන්ට යැවූ රාජ්‍ය තන්ත්‍රික දූත පිරිස් ගැන සඳහන් කරයි.
සසානියන් අධිරාජයාට ගෞරව නොහොත් දැක්වීම සඳහා සරන්ඩිබ්හි රජුද පැමිණ සිටියේය යන්න ක්‍රි.ව. එකොළොස්වැනි සියවසේදී ප්‍රකට ව සිටි මව්මුද් ගාර්ඩො ද තම සයින් – උල් – අක්බර් කීර්තිමත් ඉතිහාස අනුපිළිවෙළ මඟින් තහවුරු කැර ඇත. එහෙත් ඉබ්න් මිස්කවයිහ් හෝ අල්-බිරූනි හෝ ගාර්දිසී ලංකාවේ රාජකීය දූත පිරිස පැමිණි වසර සඳහන් කොට නැති නිසා එම රජු කවුදැයි දැන ගැනීම සඳහා එම කාලය හරියටම නිශ්චය කැර ගැනීම දුෂ්කර වී ඇත. අනුෂර්වාන්ගේ දීර්ඝ පාලන කාලය එනම් වසර 47 ක් පමණ තුළ ලංකාවේ රජවරුන් හය දෙනෙක් සිහසුන දරා සිටියහ.
ඉරානයට මුතු කිමිදින්නන් හත්දෙනා තෑගි කිරීම ලංකාවේ කිමිදුම්කරුවන්ගේ දක්ෂතාව ගැන අසා දැන සිටි අධිරාජ්‍යයාගේ ඉල්ලීම පිට පර්සියානු බොක්කේ මුතු කිමිදීම සඳහා සිදු වූවා විය හැකිය. මෙම ඉරාන අධිරාජ්‍යයාගේ දිග් විජයයන් ඉහළින් වර්ණනා කරන අල්-තබරි (ක්‍රි .ව. 839-923) ඔහු තම ප්‍රධාන අණදෙන නිලධාරියා යටතේ හමුදාවක් සරන්ඩිබ් කරා යැවූ බවද, එම සෙනෙවියා එම රට අල්ලා ගෙන එම දුපතේ මැණික් සහ වෙනත් වටිනා දෑ අධිරාජ්‍යයාට එවූ බවත් පවසයි.
හත්වැනි සියවසේ පළමු භාගයේදී ලෝක කරළියට අරාබීන්ගේ පැමිණීම කල්තබා කිව නොහැකිය විය. ඉතිහාසයේ මෙම ප්‍රපංචය මහාද්වීප හරහා හමාගිය සුළිසුළඟක් වැනි දෙයකි. පූර්ව ඉස්ලාමීය කාලයේදී ඉරානය හා ලංකාව අතර ඇතිව තිබූ සම්බන්ධය වාණිජමය වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් තවදුරටත් ශක්තිමත් විය. දියමන්තියක් මෙන් බැබලුණු ඉරාන – ලංකාවත් ඉස්ලාමීය අධිරාජ්‍යයන් අතරවූ යහපත් දේශපාලන සබඳතා සහ සුහද දුත පිරිස් හුවමාරුව වෙළෙදුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට උපකාරී විය. අප තවදුරටත් ඉදිරියට යෑමට පෙර සරන්ඩිබ් හි රජු විසින් නබි මුහම්මද් තුමාණන් වෙත යවන ලද ඒක පුද්ගල සුහද දූතමෙහෙවර ගැනද මෙහි සඳහන් කැරගෙන යාම අදාළ නොවන්නේ නැත.
ක්‍රි.ව. දහවැනි සියවසේ පළමු භාගයට අයත් රාම් හුර්මුස්හි සුප්‍රකට ඉරාන නාවිකයෙකු වන බුසුර්ග් ඉබ්න් ෂහ්ර්යර් තම අහයිබ් අල් හින්ද් නොහොත් ඉන්දියාවේ ආශ්චර්යයන් හි ලංකාව ගැන විස්තරාත්මක කරුණු දැක්වීමක් අපට ලබා දී ඇත. එහි ඔහු මෙසේ කියයි.
“සරන්ඩිබ් සහ අවට පෙදෙස්වල ජනතාව ඉස්ලාමයේ වක්තෘවරයාණන්ගේ පහළ වීම සහ එතුමාණන්ගේ පණිවිඩය ගැන ආරංචි වූ විට තමන් අතරින් බුද්ධිමත් පුද්ගලයකු තෝරාගෙන වක්තෘවරයාණන් හමුවීමටත්, එතුමාණන් ගැන තොරතුරු දැන ගැනීමටත්, තම ජනතාවට එම සත්‍යය තොරතුරු දැන්වීමටත් එම පුද්ගලයා අරාබියට පිටත් කොට යැවූහ. එම මෙහෙවරෙහි යොදවනු ලැබූ පුද්ගලයා අනතුරුදායක හා දීර්ඝ චාරිකාවකින් පසු මදීනාවට ලඟාවූ විට වක්තෘවරයාණන් (එතුමාට ශාන්තිය අත්වේවා) මිය ගොස් සිටියහ. එතුමාගේ අනුප්‍රප්තික අබූ බකර් (ක්‍රි.ව. 632-34) තුමාගේ කලීෆත් කාලය අවසන් වී තිබූණි. එවිට උමර් (ක්‍රි. 634-44) තුමා කාලිෆ් විය. රාජ්‍ය දූතයා කාලිප්තුමා මුණ ගැසී වක්තෘතුමාගේ මෙහෙවර පිළිබඳව හා එතුමාගේ චරිතය පිළිබඳව විස්තර අසා දැනගත්තේය.
එහෙත් ආපසු ගමනේදී ඔහු මක්රන් වෙරළේදී (බටහිර පාකිස්ථානයේ) මිය ගියේය. එහෙත් ඔහු සමඟ පැමිණි ඉන්දියානු සේවකයා සරන්ඩිබ් කරා ආපසු ගොස් වක්තෘතුමන් (එතුමාට ශාන්තිය අත්වේවා) ගැන සහ අබු බක්ර් ගැන තම හැඟීම් එහි ජනතාවට කීවේය. එනම් තමන් සහ තම මියගිය ස්වාමියා වක්තෘතුමන්ගේ සහායක උමර්තුමා මුණ ගැසුණු බවය. අණ්ඩ දැමූ ඇඳුම් ඇද රාත්‍රියේ දී දේවස්ථානයේ නිදා ගැනීමට තමනට හා තම ස්වාමියාට කරන ලද සුහද ආගන්තුක සත්කාර ගැන සේවකයා තම ජනතාවට කීවේය. විස්තරාත්මකව ඔහුගේ මෙම විස්තර වාර්තාව ලැබීමෙන් සරන්ඩිබ් ජනතාව මුස්ලිම්වරුන් කෙරෙහි මිත්‍රශීලී ආකල්පයක් ඇතිකර ගත්හ.
ලංකාවෙන් ගිය පළමුවැනි ඒක පුද්ගල දුත මෙහෙවර තුන්වැනි අග්ගබෝධි රජුගේ කාලයේදී මදීනාව ට ගොස් එහිදී පිළිගනු ලැබ තිබිය යුතුය.
ඉබ්න් ෆහ්ර්යාර් ලංකාව සරන්ඩිබ් යනුවෙන් හැඳින්වූවද මෙම සරන්ඩිබ් දිවයින සහීලාන් යනුවෙන්ද හැදින්වේ යනුවෙන් සඳහන් කරගෙන යෑම නිසා මෙය සිංහල යන්නෙහි පර්සියානු ආකරයකැයි නිගමනය කිරීමට අප පොළඹවයි.
පර්සියානුවන් ලංකාව දැන සිටියේ මුල් කාලයේ එහි අරාබි නාමකරණය වු සරන්ඩිබ් ලෙසය. මෙම ජනප්‍රිය නාමයට අමතරව සහීලාන් සිංහල්ඩිබ් සහ ලංකා යන නම්ද භාවිතා කෙරිණි. ආදම් ස්වර්ගයෙන් මහ පොළොවට බැස්සේ මෙහිදීය යන විශ්වාසය නිසා මුස්ලිම්වරු ලංකාවට විශේෂයෙන්ම ඇලූම් කළහ. හින්දු තාරකා ශාස්ත්‍රඥයෝ නිරක්ෂයේ හරිමැද පිහිටි ලංකාව මඟින් මිනිස් වාසය ඇති ලෝකයේ දේශාංශ නිශ්චය කරති’යි අල් -බිරූනි පවසයි.
එම කතුවරයාම කිතාබේ ෆී තහ්කීකි මා ලිල් හින්ද් නොහොත් ඉන්දීය පර්යේෂකයෝ හි මෙසේ කියයි. ලංකා යන්නට වෙනස් වැදගත්කමක් ද ඇත. එනම් මෙයයි. ලංකා නැමති රටෙන් ආනයනය කෙරෙන නිසා කරාබු (හින්දියෙන්) ලංකා යනුවෙන් හැඳින් වේ.
ක්‍රි.ව. 903 දී පමණ කිතාබේ-අල්-ආලක් අන්-නෆීසා නොහොත් පොහොසත් හා වියදම් සහිත සාටක පිළිබඳ පොත ප්‍රකට විශ්ව කෝෂය ලියු ඉස්ෆහාන්හි සිටි පර්සියානු කතුවරයකු වූ ඉබ්න් රුස්තා යනුවෙන් හැඳින් වෙන අබු අලි අහ්මද් බින් උමර් භූගෝලය නමැති කොටසෙහි මෙසේ කියයි. ඉන්දියානු සාගරයේ ඇති ජනාවාස වූ හා ජනාවාස නොවූ දුපත් සංඛයාව 1370 කි. ඉන්දියාවට දකුණින් ශ්‍රී පාදය වූ ඉන් විශාල දුපත නැඟෙනහිරින් ඉන්දියාවට මුහුණලා ඇති අතර එය තබ්රුබානි යනුවෙන් හැඳින් වේ.
ක්‍රි.ව. 982 දී එනම් දළ වශයෙන් ඉබ්න් රුස්තාට වසර 90 කට පසු ලියන්නට පටන් ගන්නා ලද හුදුද් අල් -ආලම් නොහොත් ලෝකයේ කලාප යන්නෙහි කතුවරයා වූ තවත් නිර්නාමික කතුවරයෙක්ද සරන්ඩිබ් යන්න අමතරව තබර්නා යනුවෙන්ද ලංකාව හැඳින්වීය. මුස්ලිම් ඉතිහාස රචකයින් රාශියක් අතර ග්‍රීක පදයක් වූ තැප්රෝබේන් යන්නට අනුගමනය කළ එකම ලේඛකයන් වන්නේ මෙම පර්සියානු කතුවරුන් දෙදෙනා පමණි.
ආරම්භක ඉස්ලාමීය කාල පරිච්ඡේදයේදී පුරාණ ඉරාන හුර්මුස් වරාය පර්සියානු බොක්කේ පිහිටි සිරාෆ් නිසා අවධානයෙන් ඈත්වී ගොස් තිබිණි. නිතිපතා මෙම වරායට පැමිණි අසල්වැසි රටවල නැව් සහ මෙහි සිට පෙරදිගට යාත්‍රා කිරීමට පුරුදුව සිටි පර්සියානු නැව්වලට අමතරව බොහෝ චීන නැව් ද වෙළෙද භාණ්ඩ සඳහා ලංකාව හරහා මෙම සිරාෆ් වරායට පැමිණීමට පුරුදු නවවැනි සියවසේ සිටියේ යැ යි ක්‍රි .ව. මැද භාගයේ සිටි වෙළෙන්දෙක් වූ සුලයිමාන් කියයි.
ඉබ්න් හවුකල් සහ (සිර්කා ක්‍රි .ව. 977 දී මියගිය) වාර්තා කරන අන්දමට චීනයේ දොරටුවක් වශයෙන් හැදින් විණි. මක්නිසාද යත් දකුණු ගිනිකොණ දිග ආසියාවේ වෙළෙදාමෙන් බොහෝ ප්‍රමාණයක් ප්‍රමාණයන් හා වැදගත් කමෙන් ෂිරාස් ට පමණක් දෙවැනි වූ මෙම නගරය හරහා සිදු කෙරිණි.
එකොලොස්වැනි සියවසේ මැද භාගයේ සිරාස් වැදගත්කමින් අඩුවන්නට ඒ වෙනුවට කිෂ් දුපත වැදගත් වූ අතර හොර්මුස් ක්‍රමයෙන් තම නැති වූ කීර්තිය යළි අත්කර ගත්තේය. ඉන්දියාවට යන ගමනේදී ක්‍රි ව. 1442 ජනවාරියේ දී හොර්මුස් කරා පැමිණි පර්සියානු තානාපති අබ්දුර් රස්සාක් තම මතාලි-උස් – සදයින් හි මෙම වරායට සමාන වන්නක් පොළොව මත නැතැයි පෙන්වා දුන්නේය.
ලංකාවෙන් ඉරානයට අපනයනය කරන ලද භාණ්ඩ අතර විශේෂයෙන්ම මැණික් ගල් ඖෂධ පැළෑටි සහ කුළු බඩු ගැන අල් – ඉස්තක්රි (ක්‍රි.ව. 951 දී මිය ගිය) අල්- බිරූනි ( ක්‍රි.ව. 1058 ට පසු මිය ගිය) සහ වෙනත් අය සඳහන් කැර ඇත. මැණික් ලැයිස්තුවේ වඩාත් ඉහළින් වූයේ රතු මැණික්ය. පුරාණ ඉරාන ජාතිකයින් සබ්සප් අස්වූර් නොහොත් යහ කරන්නා යනුවෙන් හැදින් වූහ යි අල් බිරූනි පවසයි.
අබූ හමීද් (ක්‍රි ව. 1080-1169) සබ්ලාන් කන්ද ගැන සඳහන් කොට ඇත. දෙවියන් වහන්සේ සයිලාන්හි කන්දට සෑම පිණි හා හිම බිදුවකින්ම ආශිර්වාද කොට ඇතැයි වක්තෘතුමන් පැවැසු බව හදීස් හි වාර්තාවී ඇත. වක්තෘතුමන්ගේ එම ප්‍රකාශය අනුව දෙවියන්ගේ දූතයාණන්, සයිලාන් නම් කුමක්දැයි අසනු ලැබූ විට එය ආර්මේනියාවේ සහ අසර්බයිජානයේ ඇති කන්දකැයි එතුමා පිළිතුරු දී ඇත.
හස්රත් අලිගේ ක්‍රි.පු. 661 දී මිය ගියා නහ්ර් – අල් – බලාගා පිළිබඳ ප්‍රකට විචාරකයකු වූ ඉබ්න් අඛිල් හදීද් මෙසේ පෙන්වා දෙයි. මැගියන්වරු ආදම් හෝ නොවාහ් හෝ ෂෙම් හෝ හම් හෝ පිළිනොගනිති. ඔවුන් විශ්වාස කරන පරිදි පලමුවන මිනිසා වූයේ කු- ෂාහ් නොහොත් කන්දේ රජු වීමට සුදුසුකම් ලැබූ කයුමාය. එහෙත් කයුමාර්ත් යනු ඇත්ත වශයෙන්ම මිනිස් වර්ගයාගේ පියාවන ආදම් යැයි නිෂාපූර්හි අල් – තල බි (ක්‍රි .ව. 961-1037) අවධාරණය කරයි. මේ අතර ඇත්ත වශයෙන්ම ඔහු ආදම්ගේ පුත්‍රයා යැයි සමහරුන් පවසන බව අල් – මසූද් (ක්‍රි.ව. 956) කියයි.
මිනිස් වර්ගයාගේ පියා වු ආදම් ගැන සලකා බැලීමේදී ඔහු ඉන්දියාවේ සරන්ඩිබ් දුපතේ අල් රහුන් කන්ද මතට බැස්සේය. අබු හමීද් – (ක්‍රි.ව. 1080-1169) අල් රහුන් කන්ද මතට බැස්සේය යන්න අවධාරණය කරන තවත් කතුවරයෙකි.
නව වැනි සියවස වන විට ශ්රී පාද කඳු මුදුනේ ආදම්ගේ පා සටහන ඇතැයි මුස්ලිම්වරුන් විශ්වාස කරන්නට පටන්ගෙන තිබුණු අතර එම කන්දට අයත් වන්දනා කරුවෝ ඇදි ආහයි අ කොන්සයිස් හිස්ට්රිෙ ඔෆ් සිලෝන් කෘතියේ කර්තෘවරුන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. අනෙක් අතට වක්තෘ තුමන්ගේ බෑණනුවන් වූ අලී තුමන් සහ වක්තෘතුමන්ගේ විශිෂ්ඨ සගයකු වූ අරාබි ඉතිහාසඥයකු වන ඉබ්න් අල්-අසීර් (ක්‍රි.ව. 1234 දි මියගියා) ආදම් ලංකාවේ කඳු මුදුනට ගොඩ බට බව සඳහන් කරයි.
තවද, ඔටුවා දණ ගැසූ හොඳම ස්ථානය මක්කමයි. ඉන් අනතුරුව හොඳම ස්ථානය මගේ මේ දේවස්ථානයයි. (එනම් අල්-මදීනාවයි) ඊළඟට එන්නේ අල්-අක්සා පියාණන් වූ ආදම් ගොඩබට සරන්තිබ් දේවස්ථානයයි (ජෙරුසලම) සහ අපගේ දූපතයි යනුවෙන් වක්තෘතුමාණන් ප්‍රකාශ කළ බව කියැවෙන හදීසයක් අල්-කස්වීනි (ක්‍රි.ව. 1283 දී මිය ගිය) උපුටා දක්වා ඇත. ඉහතින් සඳහන් කරන ලද විශේෂ පුද්ගලයින් අනුව ඉහතින් උපුටා දක්වන ලද අ කන්සයිස් හිස්ට්රිඳ ඔෆ් සිලෝන් හි කතුවරුන්ගේ ප්‍රකාශ නවීකරණය කළ යුතුව ඇත.
සරන්දිබ් ගැන විස්තර කිරීම සඳහා අල් කස්විනී පිටු ගණනාවක් වෙන් කර ඇත. ලංකාවේ ශාක හා සතුන් පිළිබඳව ඔහු සෑහෙන විස්තරයක් කර ඇත. ඔහු මුස්ලිම් පදිංචිකරුවන් ගැනද සදහන් කොට ඇත. මෙම දූපත පිළිබඳ තම විස්තරය අවසන් කිරීමට පෙර අපගේ දිවයිනේ සිට පැමිණි විශිෂ්ඨ උගතකු ගැන ඔහු ගෞරවාන්විත ලෙස සඳහන් කරයි. ඔහු මෙසේ කියයි. ඒ දක්ෂ ෂෙයික් සඳී දුද්දීන් අල්-සරන්දීබී එම දිවයිනෙන් පැමිණ කස්වීන්හි ගොඩ බැස ජනතාවට ආශීර්වාද කළේය.
අල්-ඉස්තක්රි පවසන පරිදි සරන්දිබ් හි දුෂාබ් (සිරප් නොහොත් පැණිය යන්නට යොදන පර්සියානු පදය) ඉතා ඉහළ මිලකට විකුණුනු අතර, එය අරරජාන් (ඉරානයේ නගරයක්) නගරයේ විකිණෙන දුෂාබ්වලට වඩා ඉස්තරම් විය. තම කෘතීන් හි ලතින් පරිවර්තනයන් මගින් මධ්ය කාලීන යුරෝපය තුල අවිසෙන්නා යනුවෙන් ප්‍රකටව සිටි විශිෂ්ඨ පුද්ගලයකු වූ ඉබ්න් සිනා (ක්‍රි.ව. 970- 1037 ) තම ජවාහිර් නාම හි ලංකාවේ මැණික් ගැන ඇති තරම් ලියා ඇත. ඔහු ඒවා සඳහන් කර ඇත්තේ ආදම්ගේ පා සටහන ගැන සඳහන් කරගෙන යන අතරතුරය. ඉහතින් ‘සඳහන් කරන ලද තම කෘතියේදී අල් බිරූනිද ලංකාවේ මුතු ගැන සඳහන් කොට ඇත. ඒවා බොහෝ මුතු එක්කොට එකට මුතු පොකුරක් තැනුවා සේ කැටයම් කොට ඇතැයි ඔහු කියයි. එහෙත් මුතු ඇටයක නියම වටිනාකම ඇත්තේ එය නිසිලෙස ගෝලාකාර වූ විට යැයිද ඔහු කියයි. මුතු ඇටයක් මුළු දවසක් පුරා තැටියක් මත පෙරළෙන්නට සැලැස්වීමෙන් එහි ගෝලාකාර බව පෙන්වනු ලැබේ.
ලංකාවේ පළිඟු ගැන ඉබ්න් සිනා සහ අල් බිරූනි යන දෙදෙනාම කථාකොට ඇත. මේ සම්බන්ධයෙන් කථාකිරීමේදී පර්සියානු සහ අරාබි බල්ලූර් නොහොත් බිල්ලුර් යනුවෙන් පැති හයකින් යුත් පලකය හැඳින්වීමට යොදන පදය බෝහෝ විට වෙලූරිය යන පාලි වචනයයෙන් (සංස්කෘතයෙන් වයිඩුරිය) බිදී ආවක් විය යුතුය.
ෂිරාස්හි සාදිගේ (ක්‍රි. ව. 1291 දී මිය ගිය) ගුලිස්ථාන් නොහොත් රෝස උයනෙහි කථාවක් ඇත. එහි ලංකාවේ විසු අක්ෂි වෙදෙක් ගේ දැනුම ගැන විස්තර කෙරේ.එම කතාව මෙසේය. නීති විශාරදයකුට විරූපී දියණියක් සිටියාය. ඇය වෙනුවෙන් විශාල දායාදයක් හා ධනයක් තිබුණ ද ඈ මල්වර වූ පසු කිසිවෙක් ඇය විවාහ කරගැනීමට එකඟ වූයේ නැත. අවසානයේදී ඇය අන්ධ මිනිසකුට විවාහ කර දීමට සිදු විය. එම අවස්ථාවේදී අන්ධ මිනිසාට පෙනීම ලබා දිය හැකි වෛදයවරයෙක් සරන්දිබ් සිට පැමිණයේය. තම බෑණා එම වෛදයවරයා වෙතට නොයවන්නේ කුමක් නිසාදැයි එම නීති විශාරදයාගෙන් විමසනු ලබු විට ඔහු දුන් පිළිතුර වූයේ ඔහුට දකින්නට හැකි වුවහොත් ඔහු මගේ දුව දික්කසාද කර වියැයි මට භය සිතේ. විරූපී ගැහැණියකගේ සැමියා අන්ධ වීම හොඳයි යනුවෙන් එහි සදහන් වේ. (දෙවන පරිච්ඡේදය.)
අප කළින් මුණ ගැසණු ඉබ්න් ෂුයාර් තම මාර්බල්ස් ඔෆ් ඉන්ඩියා හි ලංකාවේ සර්ප විෂ වෙදකම හා වෙනත් රෝග සඳහා වෙදකම් ගැන සඳහන් කොට ඇත. ලෝකයේ තම කොටසේ සර්පයින් වර්ග 3120 ක් සිටින බවට සරන්දිබ් හි වෛදවරයකු පැවැසූ බව අල් බර්කති උපුටා දක්වමින් ඔහු කියයි.
ශ්‍රාස්තතුමා සයිලාන් වෙත පැමිණ ඇති බවට මුල් කාලයේ සිටි මුස්ලිම් ලෙඛකයින් සඳහන් කොට තිබේ. මේ පිළිබඳව පැහැදිලි කිරීම් අවශ්යbවී තිබේ. මක්නිසාදයත් අරාබීන් හා පර්සියානුවන් විසින් සයිලාන් යනුවෙන් හඳුන්වනු ලැබු ලංකාව සමඟ මෙය පටලවා නොගතයුතු වන හෙයිනි.
මානී වරුන්ගේ වක්තෘවරයා වූ ශරතුස්තර තුමා බල්බේ ජාතියට අයත් වූ අතර තමන් සයිලාන්හි කන්දේදී දේව අනාවරණය ලබා ගත්තේ යැයි එතුමා පැවැසු බව උගතුන් සඳහන් කරන්නේ යැයි අල්-ජාහිස් (ක්‍රි .ව. 868 දී මියගිය) ශරතුස්තර තුමා මිනිස්බව පවසයි ලබා ගත් විට සයිලාන්හි කන්දට ගොස් එහි ටික කලක් නතර වී සිටි` බව ශතවර්ෂ හයකට පසු ක්වාන්ද් මීටර් (ක්‍රි -.ව. 1535 දී මියගිය) ද පවසා තිබේ.
ඉස්ලාමීය නීති ශාස්ත්‍ර පිළිබඳ විශේෂඥ දැනුම සම්බන්ධයෙන් ඔහුගේ විශිෂ්ටත්වයද කතුවරයා විසින් සාකච්ඡාවට ලක්කොට ඇත. අවාසනාවකට ලංකා මුස්ලිම් සම්ප්‍රදාය මෙම කරුණ සම්බන්ධයෙන් නිහඬය. මගේ ලංකා-අරාබි සංස්කෘතික සබඳතා පිළිබඳ කෘතියෙන් මෙම කාර්යක්ෂම පුද්ගලයාගේ සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කිරීමට මම අදහස් කරමි. දැනට එය කිරීමට මා වෙත ඇති කෙටි කාලය ප්‍රමාණවත් නොවේ.
ෂිරාස්ෆි හානිස් (ක්‍රි.ව. 1320-1389) හැර ඉරානයේ සියලුම අමරණීය කවියන් සරන්දිබ් ගැන සඳහන් කොට තිබීම සැලකිය යුතු කරුණකි. මෙම කවියන්ගේ දීර්ඝ නාම ලේඛනයෙහි ෂාහ් නමා හ් නැමති පර්සියානු සම්භාව්ය කෘතිය කල ඉරාන ජාතික කවියාවු ෆිර්දවුසි (ක්‍රි.ව. 1020 දී මිය ගිය) ද ඇතුලත් වේ. එම ඉහළ පෙළේ සියලූම කවියන් උපුටා දැක්වීම මට මෙහි දී කළ නොහැකිය එහෙත් ෆිර්දව්‍සිගේ කාලයේ සිට ක්‍රි .ව. 13 වැනි සියවස දක්වා ලංකාව ඉරානයේ අවධානය ඇදගෙන තිබූ බව පෙන්වීම සඳහා ඔවුන්ගෙන් කීපදෙනෙකු ගැන සඳහන් කරන්නම්. ලංකාව සම්බන්ධයෙන් රසවත් විස්තරයක් කරන ෆිර්දවැසි ඉරාන රජෙකුගේ කටින් මෙම අදහස පිට කරවයි.
“හොඳයි මම නුඹට සරන්දිබ් රාජධානිය සහ ඉන්දියාවේ උසස් නිලයක් ලබා දෙන්නම්.
ලොරේත් අන්සුරි කවියා (ක්‍රි ව. 1058 දී මියගිය) ගස්නාවේ බල සම්පන්න සුල්තාන් ම මුද් (ක්‍රි.ව. 967-1030) ගේ රජ මාළිගයට සම්බන්ධ වී සිටියේය. තම රාජකීය ආරක්ෂකයා වෙත ආමන්ත්‍රණය කරමින් ලියන ලද කාව්‍ය කෘතියක ඔහු තම ආසියානු ගමන ඉහළින් අගය කෙළේය. එහදී ඔහු මෙසේ කීවේය.
එනම් :-නුඹේ සතුරා. සරන්දිබ්හි සිටියද ඒඩන්හි සිටියද දෙවියන් වහන්සේ විසින් නුඹ වෙත ගෙන එනු ලබනවා ඇත.
ෂිර්වාහි ඛකානි කවියා (1106-1185 ) වක්තෘතුමන්ට ප්‍රසංසා කරමින් මෙසේ සඳහන් කරයි.
(මම එතුමන්ට සරන්දිබ්හිදී ප්‍රසංසා කරන්නේ නම් ආදම් සහ ඊවාගේ දුහුවිල්ලෙන් ස්වර්ගයේ උල්පත පැන නැංවීමට මට හැකි වේ) මෙය ආදම් සහ ඊවා ස්වර්ගයෙන් පිටමං කිරීම සහ ඔවුන් ලංකාවේ කන්ද මතට ගොඩ බැසීම පිළිබඳවයි.
තවද
ඉස්ලරාෆිල් තම හොරණෑව පිඹින තැනදී සරන්දිබ් හි මහලූ මිනිසා (ආදම්) තම ජීවිතය යළි ලබා ගත්තේය.ස්වර්ගයේ තහනම් ගෙඩි කෑමට ආදම් සහ ඊවා පෙළඹවූ පරම-සාතන් ඉබ්ලීස් හෙළා දකිමින් මව්ලානා ජලාලූද්දීන් රූමි (ක්‍රි .ව. 1207-1273) මෙසේ කියයි.
‘ ඒ ඊර්ෂයාකාරයා (ඉබ්ලීස්) වහා පැහැර ගති අපේ මවගේ හා පියාගේ කිරීටය හා පැළදුම්. ඔහු ඔවුන් නිරුවත් කොට දුකට ඇද දැමී වසර ගණන් ආදම් හඬා වැලපීය. ඔහුගේ දෑස් කඳුළින් ඹෟෂධ පැල මතුවිය වැලපෙමින් හේ තමන්ගේ ඉරණම මෙසේ කොටා ඇත්තෙ කිම්දැයි සිතීය.
කඳු මුදුනේ සිට වසර දහස් ගණනක් ගලා ආ ආදම්ගේ කඳුලුවල ප්‍රතිඵලයක් වශයෙන් සමනොළ කඳු පාමුල නිම්නයේ සුවඳවත් පැළෑටි සහ කුළු බඩු ගන්නාවූ පැළෑටි වැවෙන බව සියලූම මුස්ලිම් ලේඛකයින් සඳහන් කැර තිබේ.
13 වැනි සියවසේ සිටි සුප්‍රකට පර්සියානු කවියකු වූ මදුද්දීන් හම්ගර් දිව්ය මය කරුණාව මෙසේ ප්‍රාර්ථනා කරයි.
ස්වර්ගය ! මේ යන ගමනෙන් වෙනතකට මා යොමු නොකරන්න. සරන්දිබ් වෙතින් මගේ ආහාරය ද සරබි වෙතින් මගේ පානයද මට ලබා දෙන්න.
මධ්ය කාලීන යුරෝපයේ අල්බු මසර් යනුවෙන් හැදින්වනු ලබන කුරසාන්හි අබූ මෂර් අල් – බල්කි විශ්ව කෝෂයක මෙන් දැනුමැත්තෙක් විය. එහෙත් ඔහුගෙ ක්‍රියාවට හේතු වූයේ ඔහු තාරකා ශාස්ත්රමයට කළ සේවයයි. ඔහු එම කාලයේ සිටි ප්‍රකට නක්ෂත්රවේදියකුද විය. ඔහුගේ කීර්තිය ලංකාවට ද පතල විය. සරන්දිබ්හි රජු විස්තර කළ පරිදි ඔහු අලූත උපන් කුමරාගේ හඳහන බලා වයස කීවේය. මෙම නක්සත්ර වේදියාගෙ උපදෙස් ලබා ගත් රජු බොහෝ විට සේන රජු (ක්‍රි ව. 853-887) විය යුතුය.
අප මෙම පරිච්ඡේදය අවසාන කිරීමට පෙර ක්‍රි .ව. 1335 දී පමණ මෙම දිවයිනට පැමිණි මොරොක්කෝ ජාතික දේශ සංචාරක ඉබ්න් බතූතා ගැන සඳහන් කිරීම වැදගත්ය. ඔහු පවසන දේ අසමු. “මම මේ මිසදිටු (මුස්ලිම් නොවන පාලකයින් හැඳින් වීමට පොදුවේ යොදන පදයකි) රජු හමුවට පැමිණි විට ඔහු නැගිට තමා අසලින් මට වාඩිවීමට සලස්වා ඉතා විනීතව කථා කොට ඔබේ සගයින්ට මෙහි ආරක්ෂිතව ගොඩ බැසි හැකිය. ඔවුන් නැවත යන තෙක් මගේ ආගන්තුකයින් වනු ඇත. මක්නිසාදයත් මා හා මලබාර්හි සුල්තාන් අතර මිත්‍රත්වයක් පවතින නිසාය යනුවෙන් පැවැසීය.
අපගේ මහා දේශාටකයා පූර්ව මෝගල් අධිරාජයා වූ සුල්තාන් මුහම්මද් තුක්ලක් රජකම් කරන කළ අධිරාජ්‍යයට අයත් දිල්ලියේ සිට දකුණට පැමිණ සිටියේය. ඉබ්න් බතූතා රාජකීය ආගන්තුකයකු ලෙස බුත්තල (කොළඹ සිට සැතපුම් 80 ක් පමණ ඈතින් පිහිටි වත්මන් පුත්තලම) නැවතී සිටි අතර ආර්ය චක්රාවර්ති පර්සියානු භාෂාවෙන් කථා කළ බව ප්‍රනීතමත් විශ්මයකින් යුතුව සඳහන් කළ හැකිය. දිල්ලි අධිරාජ්‍යයේ සහ උතුරු ඉන්දියාවේ පරිපාලන භාෂාව පර්සියානු භාෂාව විය.
රජුගේ ඉල්ලීම පරිදි තම සංචාරයෙ අරමුණ හස්රත් ආදම් ගේ (එතුමාට ශාන්තිය අත්වේවා.) ශුද්ධ වූ සළකුණට ගෞරවය දැක්වීම යැයි බතුතා කීවේය. ඒ අනුව කටයුතු සුදානම් කරනු ලැබ ඔහු කුරුණෑගල හරහා පිටත්ව ගියේය. පුරාණ කාලයේදී ඉරානයේ ෂෙයික් අබු අබ්දුල්ලාහ් මුහම්මද් බින් කලීෆා තුමා මෙහි පැමිණ ඇතිබවද ඔහු සඳහන් කොට ඇත. ඓතිහසික වශයෙන් කාලීෆා ශාන්තුවරයා බන්දාද් බන්ධනාගාරයේ සිටි හල්ලාජ් (ක්‍රි.ව. 922 දී මරණු ලැබු) හමුවීමට පැමිණි බව අප දන්නා නිසා අපට මෙම ශිරාසි ශාන්තුවරයා ගේ කාලය නිශ්චය කර ගත හැකිය. කුරුණෑගලදී ඊට පෙර ඉරානයෙන් සුෆිවරුන් පැමිණි බව බතුතා දැනගත්තේය. මෙම භක්තිමත් මිනිසුන් විසින් තනන ලද ඉදිකිරීම්වලටද මෙම දේශාටකයා ගියේය. කොරසානි මවුලනා යනුවෙන් හැඳින්වනු ඉරාන ශාන්තුවරයාගේ පුජා ස්ථානයක් දැනට කොළඹ ද ඇත.
(Zamaa Shifani ගේ Facebook පිපුවෙන් උපුටා ගන්නා ලදී)
